රජයේ විශ්වවිද්‍යාලවල නව ලියාපදිංචිය අද සිට

2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයේ කඩඉම් ලකුණු ඊයේ නිකුත් කෙරුණි.

ඒ අනුව අද (21) සිට 2023/2024 වර්ෂයට අදාලව රජයේ විශ්වවිද්‍යාලවල නව අධ්‍යයන වර්ෂය සඳහා සිසුන්ට ලියාපදිංචි විය හැකියි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ නිල වෙබ් අඩවියට (www.ugc.ac.lk) පිවිස ඒ සඳහා තොරතුරු ලබා ගත හැකි බවයි කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ.

කාලීන පුවත්