රජයේ සේවකයන්ගේ වැටුප්, විශ්‍රාම වැටුප් සහ සුබසාධන දීමනා ලබන සඳුදා

රජයේ සේවකයන්ගේ මේ මාසයේ වැටුප, විශ්‍රාම වැටුප් සහ සුබසාධන දීමනා ලබන සඳුදා (10) ලබා දෙන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේය.

ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 135කට අධික ය.

මේ අතර, ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබා දීමට ක්‍රියාකරන්නැයි, භාණ්ඩ හා සේවා සපයන්නන්ගෙන් ඉල්ලා සිටින බව ද, මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාව ආර්ථික අවපාතයෙන් නැගී සිටීම සඳහා දැන් නිවැරදි මාවතක ගමන් කරන බවට ආසියානු සංවර්ධන බැංකුව සහතික වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

කාලීන පුවත්