රජයේ සේවකයන්ට නැවත “ගෙදර ඉඳන් වැඩ කරන්න” වෙන හැඩ

පවතින ඉන්ධන අර්බුදය හා විදුලි අරපිරිමැස්ම ආදී හේතු කිහිපයක් මත රාජ්‍ය සේවය නැවත නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රියාවලියකට යොමු කරවීම කෙරෙහි රජයේ හදිසි අවධානය යොමු වී තිබේ.රාජ්‍ය ආයතනවල අත්‍යවශ්‍ය රාජකාරී කරන සේවක පිරිස් පමණක් සේවයට කැඳවීමටත් සෙසු අය නිවසේ සිට රාජකාරී කිරීමත් මේ අනුව සිදුවනු ඇත.මෙම නව ක්‍රියා පිළිවෙල සිදුවිය යුතු ආකාරය ගැන විස්තරාත්මක කරුණු සහිත විශේෂ චක්‍රලේඛයක් අද (24) නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා මාධ්‍ය වෙත දැනුම්දී ඇත.

කාලීන පුවත්