රජයේ සේවක සිකුරාදා නිවාඩුව අවලංගුයි

පසුගිය කාලයේ පැවති ඉන්ධන හිඟය සහ ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේ ගැටඵව හේතුවෙන් රාජ්‍ය සේවකයින්ට සතියේ සිකුරාදා නිවාඩු දිනයක් බවට පත් කිරීමට අදාල චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය තීරණය කර ඇත මේ වනවිට පොදු ප්‍රවාහන සේවා යථා තත්ත්වයට පත් වෙමින් පැවතීමත්ි කෘෂිකාර්මික කටයුතු සඳහා මුලික ක්‍රියාකාරකම්වල යෙදීමට ප්‍රමාණවත් කාලයක් ලැබී තිබීමත් ඊට හේතුව ය. රාජ්‍ය සේවකයින්ට සිකුරාදා නිවාඩුවට අදාල උපදෙස් මාස 3 කට වලංගු වන සේ ජුනි 15 වැනිදා චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබූ අතර මේ වන විට අවලංගු කොට ඇත්තේ එම චක්‍ර ලේඛයයි.

කාලීන පුවත්