ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඉන්දියානු පෞද්ගලික සමාගම් දෙකකින් වෛද්‍ය සැපයුම් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් 47 දෙනෙකු නම් කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා(TISL) විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කොට ඇත.ලියාපදිංචි නොකළ පෞද්ගලික සැපයුම්කරුවන් හරහා වෛද්‍ය සැපයුම් ලබා ගැනීමේදී අමාත්‍ය මණ්ඩලයේ කාර්යභාරය ලියාපදිංචි නොකළ සැපයුම්කරුවන්ගෙන් වෛද්‍ය සැපයුම් ලබා ගැනීම සඳහා ලියාපදිංචිය අත්හැරීමක් ලබා දීමේ දී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කාර්යභාර හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇතුළු ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුකූල නොවීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්‍රධාන විධායක නිලධාරියාගේ ක්‍රියාවලිය අවභාවිතා කිරීම කිරීම යන කරුණු මත මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ඇත.