රජය තුළින් නව දේශපාලන බලවේගයක්

මහජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ලංකා කම්කරු පක්ෂය ඇතුළු රජය නියෝජනය කරන දේශපාලන පක්ෂ සමඟ නව දේශපාලන බලවේගයක් බිහිකිරීම සඳහා සාකච්ඡා වන මූලික ආරම්භ කොට ඇතැ‍යි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

මෙම සාකච්ඡා මඟින් නව ප්‍රගතිශීලී දේශපාලන මඟකට පිවිසිය හැකි බලවේගයක් ගොඩනැගීමට සැලසුම් සකස් කරන බව ද හෙතෙම  පැවසීය.

මෙම අරමුණ වෙනුවෙන් ඉදිරියේ දී ආණ්ඩුව නියෝජනය කරන තවත් සෙසු පක්ෂ සහ ජාතික බලවේග සමඟ සාකච්ඡා ආරම්භ කරන බවද අමරවීර මහතා කීය.

කාලීන පුවත්