විදුලි ගාස්තුව වසර තුනක් තුළ විදුලි ගාස්තුව30%කින් අඩු කිරීමේ ප්‍රතිපත්තියේ එක් පියවරක් ලෙස ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිටම මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.ඒ අනුව ජනවාරි 17 වන දින රාත්‍රි දොළහේ සිට විදුලිබිල අඩුකිරීම ක්‍රියාත්මක කරන බවත් රටේ සියලු විදුලි පාරභෝගිකයන්ටන් සතුටින් දැනුම් දෙන බව බල ශක්ති අමාත්‍ය වරයා ප්‍රකාශයක් කරමින් පවසයි.මහජන උපයෝගීතා කොමිසම විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල 20%කින් අඩු කිරීමට නිර්දේශ කර තිබූ අතර අදාළ නිර්දේශ මහජන උපයෝගීතා කොමිසම විසින් බලශක්ති අමාත්‍යාංශයට ලබාදීමට පියවර ගෙන ඇත.මෙලෙස විදුලි ගාස්තුව අඩු වී ඇත්තේ ඒ අනුව ය.නමුත් දී බලශක්ති අමාත්‍ය වරයා රජය බලයට පත් වූ සැනින් විදුලි ගාස්තුව අඩු කරන බවක් තම මැතිවරණ පොරොන්දු තුළ නොතිබූ බව මින් පෙර පවසා තිබිණ.