බියගම නිදහස් වෙළෙඳ කලාපය උදාහරණයක් ලෙස ගෙන රට පුරා නවීන වාණිජ කාර්මාන්තකරණයක් සිදු කර ඉදිරි වසර 15-20 තුළ රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
”ලංකාව පුරා බියගම, කටුනායක වැනි වෙළෙඳ කලාප ලංකාව පුරා ඉදිකර තිබුණා නම් අද අප මෙතරම ආර්ථික අපහසුතාවකට ලක් වෙන්නේ නැහැ. රටේ තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන් බියගම උදාහරණයක් කර ගනිමින් විශාල කර්මාන්තකරණයක් සිදු කර බියගම, කැලණිය, කඩවත ඇතුළු ප්‍රදේශ විශාල නවීන වාණිජ ආර්ථිකයක් බවට පත් කිරීමට කටයුතු කරනවා”
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර ඇත්තේ, මල්වාන, අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට ඊයේ (06) පස්වරුවේ එක් වෙමිනි.
එදා නොදියුණු ප්‍රදේශයක් වූ බියගම ප්‍රදේශය, වෙළෙඳ කලාපය ආරම්භ කිරීමත් සමග විශාල දියුණුවක් ලැබූ බවත් ශ්‍රී ලංකාවම ආයෝජන කලාපයක් බවට පත්කර නව ආයෝජන අවස්ථා රැසක් ලොවට විවෘත කරන බවත් ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.
දැනටමත් කර්මාන්තපුර ඇති කිරීම සඳහා බිංගිරිය, ඉරණවිල, හම්බන්තොට, නුවර, ත්‍රිකුණාමලය සහ උතුරු පළාතේ ද ප්‍රදේශ කිහිපයක් හඳුනාගෙන තිබෙන අතර එම කටයුතු කඩිනම් කරන බව ද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.
”බිංගිරිය, ඉරණවිල, හම්බන්තොට, නුවර, ත්‍රිකුණාමලය සහ උතුරු පළාතේ ඒ සඳහා සුදුසු ප්‍රදේශ දැනටමත් හඳුනාගෙන තිබෙනවා. අනෙක් ප්‍රදේශවලටත් එම පහසුකම් ලබාදී ඉදිරි වසර 15 -20ක කාලය තුළ මෙවැනි ශිඝ්ර සංවර්ධනයක් දිවයින පුරා ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා”
තවද ජනාධිපතිවරයා පවසා ඇත්තේ, මෙරටට කර්මාන්තපුර සුදුසු නොවන බවට එදා ඇතැමුන් ප්‍රකාශ කළත් අද බියගම ආයෝජන කලාපය දකුණු ආසියාවේ හොඳම වෙළෙඳ කලාපය බවට පත්ව ඇති බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ණය ගෙවීම සඳහා මුදල් ඉපැයිය යුතුව ඇති බවයි.
”බිංගිරිය, ඉරණවිල, හම්බන්තොට, නුවර, ත්‍රිකුණාමලය සහ උතුරු පළාතේ ඒ සඳහා සුදුසු ප්‍රදේශ දැනටමත් හඳුනාගෙන තිබෙනවා. අනෙක් ප්‍රදේශවලටත් එම පහසුකම් ලබාදී ඉදිරි වසර 15 -20ක කාලය තුළ මෙවැනි ශිඝ්ර සංවර්ධනයක් දිවයින පුරා ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මේ රට ආර්ථික වශයෙන් ගොඩනැඟිමේ දී අප මෙම සැලසුම්වලට යා යුතුයි. අපි ණය ගෙවීම සඳහා මුදල් ඉපැයිය යුතුයි. අප මෙම වැඩසටහන් තුළින් වියට්නාමය, තායිලන්තය, මැලේසියාව වැනි රටවල් ලබාගෙන තිබෙන දියුණුව ඇති කර ගනීමට කටයුතු කරමු”