මෙරට සංචාරක ක්ෂේත්රයේ ප්රවර්ධනය උදෙසා රටවල් හතකට නොමිලේ වීසා ලබාදීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව ලැබුණු බව සංචාරක, ඉඩම්, ක්රීඩා හා යෞවන කටයුතු ඇමැති හරින් ප්රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (26 ) දා පැවසීය.ඒ අනුව ඉන්දියාව, ඉන්දුනීසියාව, රුසියාව, චීනය, තායිලන්තය ඇතුළු රටවල් හතකින් එන සංචාරකයන්ට එම සහනය ලබාදීම සිදු කරන බවත් ඒ සමඟම තවත් රටවල් 60කට නොමිලේ වීසා ලබාදීමේ තීරණය ගැනීමට කමිටුවක් පත් කළ බවත් ඇමැතිවරයා කීය.