රටින් පිටවන්න බැරි වූ බැසිල් ආපසු හැරී යයි

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද(12) අලුයම 3.15 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊකේ 649 දරන ගුවන් යානයෙන් ඩුබායි ඔස්සේ ඇමෙරිකාව බලා පිටත්ව යාමට පැමිණි අවස්ථාවේ ,හා තුළ එහි සිටි ගුවන් මගීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධතාවක් සමඟම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් එක් වරම සේවාවෙන් ඉවත් වීම නිසා සිය ගුවන් ගමන අතහැර ආපසු ගොස් ඇතැයි වාර්තා වෙයි.අද අලුයම 03.15 ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 349 දරන ගුවන් යානය පිවිසීම සදහා බැසිල් රාජපක්ෂ මහතා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .එහිදී ” සේද මාවත ” (Silk route ) පළමු පන්තියේ මගී පර්යන්තය හා එමිරේට්ස් සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවා පරීක්ෂණ කවුළු අසළ රැඳී සිටි ගුවන් මගීන්”ඕකා හොරා රටින් පනින්න දෙන්න එපා” “ඕකා රටින් පැන්නොත් ඔයාලා වග කියන්න ඕනේ”ආදී වශයෙන් කියමින් ගුවන් තොටුපල කාර්ය මණ්ඩලයට කියමින් කෑ ගසා ඇත.එම අවස්ථාවේ ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරීන් එක් වරම සේවාවෙන් ඉවත් වීම නිසා ඊට මඳ වේලාවකට පසු බැසිල් රාජපක්ෂ මහතා ගුවන් තොටුපළෙන් ආපසු පිටත්ව ගොස් තිබේ.

කාලීන පුවත්