අතීතයේ පළමුවෙන්ම ජීනිවා මානව හිමිකම් කොමිසමට ගොස් ජනතාවගේ දුක වේදනාව ගැන කතා කළේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා බවත් එසේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රට තුළ දී යුක්තිය හා සාධාරණයක් ඉටු වේ යැයි විශ්වාසයක් නැති නිසා මානව හිමිකම් කොමිසමටත් ජාත්‍යන්තරයටත් යාමට කතෝලික සභාවටත් සිදුව ඇති බවත් ජන සන්නිවේදන අධ්යක්ෂ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා කීය. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම හෝ රජය විසින් ආරම්භ කර තිබුණේ නම් තමන් ජාත්‍යන්තරයට යාම වළක්වා ගන්නට තිබූ බව සඳහන් කළ සිරිල් ගාමිණී පියතුමා තමන්ට ජාත්‍යන්තරයට යාමට සිදුවීම පිළිබදව වගකිව යුත්තේ රජය බව කීය.රජය යම් පියවරක් ගන්නා තුරු අවුරුදු දෙකහමාරක් බලා සිටි බවත් රට තුළ යුක්තිය සහ සාධාරණත්වය ඉටු නොවන විට එය ඉවු කර ගැනීම පිණිස ජාත්‍යන්තර සහාය ලබා ගැනීමේඅයිතියක් පුරවැසියන්ට තිබෙන බවත් එතුමා පැවසීය.සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා මේ බව පැවසුවේ කොළඹ අගදරගුරු මැදුරේ දී ඊයේ (16) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු වශයෙනි.