රටේ ආර්ථිකය ගැන ජනතාවට ඇත්ත කියන්න

රට තුළ පවත්නා වත්මන් අසීරු ආර්ථික තත්වය හමුවේ පවතින සැබෑ යථාර්ථය නොසගවා ජනතාවට පවසන ලෙසත් දීර්ඝකාලීන ආර්ථික ස්ථාවරය සදහා ගනු ලබන ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්තිමය තීරණ සදහා පටු දේශපාලන වාසි නොතකා පක්ෂ භේදයකින් තොරව සහයෝගය ලබා දෙන ලෙසත් දේශපාලන අධිකාරියෙන් ඉල්ලීමක් කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.ඒ ඊයේ(24) පැවැති රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදීය.මීට පෙර ඉන්ධන මිල සූත්‍රයක් හදුන්වා දුන් අවස්ථාවේදී ඊට එල්ලවූ විරෝධය හමුවේ එය ‍ක්‍රියාවේ යෙදවීමට නොහැකි වුවත් අද එය නැවත හඳුන්වා දීමට සිදුවී ඇති බව ද වීරසිංහ මහතා මෙහි දී පෙන්වා දුන්නේය.

කාලීන පුවත්