රටේ ආර්ථික අර්බුදය මිසක් ඡන්දය නොතියන්න ආණ්ඩුවට උවමනාවක් නැහැ

රට තුළ පවත්නා ආර්ථික අර්බුදයේ බරපතල බව හැරුණු කොට පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමේ අදහසක් රජයට නැතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, බන්දුල ගුණවර්ධන මහතා අද (14) පැවසීය.රටේ පවතින වත්මන් මුදල් තත්වය පිළිබඳ භාණ්ඩාගාර ලේකම්වරයා අධිකරණයටත් කරුණු ඉදිරිපත් කර ඇති අතර එය සත්‍ය තත්වයක් බව ද ඇමති වරයා කීය.පෙර පැවති රජයන් මෙන් විදෙස් ණය ගැනීමෙන් හා මුදල් අච්චුගැසීමෙන් මුදල් වියදම් කිරීමේ හැකියාවක් වත්මන් රජයට නොමැති බව ද ඇමතිවරයා පැවසීය.ඔහු මේ බව කියා සිටියේ”මැතිවරණය කල් දැමීමේ සැලසුමක් රජය සතුව තිබේද?”යනුවෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු වශයෙනි.

කාලීන පුවත්