මෙරට වනසතුන්ගෙන් බෝගවලට සිදුවන වගා හානිය වසරකට රුපියල් බිලියන 54ක් බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කිරීමත් සමඟ එම හානිය අවම කර ගැනීම් සඳහා එම සතුන් විශාල ලෙස ඝාතනය කිරීම් සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් යෝජනා ඉදිරිපත් ව ඇතැයි සත්ව හිමිකම් සංවිධාන ආරංචි මාර්ග පවසයි.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් වනසතුන්ගෙන් සිදුවන වගා හානි සම්බන්ධව මෙම විශේෂ දත්ත වාර්තාව සකස් කර ඇති බවත් අතරේ මින් වැඩිපුරම වගා හානි සිදුකරන වන සතුන් ලෙස වඳුරන්, රිළවුන්, මොණරුන්, ඉත්තෑවන්, දඬු ලේනන් සහ හා වල් ඌරන් හඳුනාගෙන ඇති බවත් නිවේදනය් කොට තිබිණ.එහෙත් මේ සම්බන්ධයෙන් සත්ව හිමිකම් සංවිධාන පවසා සිටිනුයේ එම දත්ත වාර්තාව සකස් කර ගැනීම පිණිස යොදා ගත් විද්‍යාත්මක ක්‍රමවේදය අන් සියල්ලටම පෙර ප්‍රසිද්ධ කළ යුතු බවකි.
මීට පෙර අවස්ථා ගණනාවක දී රජයේ විවිධ පාර්ශවයන් විසින් නිසි විද්‍යාත්මක ක්‍රමවේදයකින් තොරව නොසැළකිලිමත් ලෙස මෙවන් දත්ත වාර්තා ඉදිරිපත් කිරීම මුල් කොට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද රටේ වත්මන් ආහාර අහේනියට ප්‍රධාන හේතුව වන සතුන් බව කියා සිටි බව ද සත්ව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි.