රට තුළ සහල් සහ සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් පවතින බවට පැතිර යන වාර්තා වල කිසිදු සත්‍යතාවයක් නැතැයි රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.ඔහු එමඟින් පවසනුයේ ජනතා ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් ආහාර ද්‍රව්‍ය තොග රජය සතුව පවතින බවකි.ඇතැම් දෙස් විදෙස් මාධ්‍ය ,සමාජ ජාලා සහ විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් ද මෙම අසත්‍යය පතුරුවන බව පවසන රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් වරයා ඇතැම් කූට වෙළඳුන් වී,සහල්,සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග සඟවා තබා ගැනීමේ ජනතා විරෝධී ප්රයත්නය පරාජය කිරීම සඳහා මහජන ආරක්ෂක පනතේ ආහාර සම්පාදනයට අදාල වගන්ති ඉකිත් සඳුදා සිට බලාත්මක කොට ඇති බව ද සිය නිවේදනය මඟින් පෙන්වා දෙයි.
රේණුකා ගමගේ