රටේ තත්වය ගැන ජනතාවට ඇත්ත කියන්න අගමැති කාර්යාලය වෙසක් එකටත් වැඩ

ඉන්ධන, විදුලි බලය, ගෑස්, ආහාර ද්‍රව්‍ය, පොහොර,ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ සේවා සම්බන්ධයෙන් මේ වන විට රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය ජනතාවට හෙළි කළ යුතු බැවින් වෙසක් පෝය දිනය ද ඇතුළු ඉදිරි නිවාඩු සති අන්තය අඛණ්ඩව වැඩ කිරීමට සූදානම් වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ලේකම් වරයා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයට අද(13) දැනුම් දී තිබේ.ඒ අනුව සති අන්තය අවසානයේ අග්‍රාමාත්‍ය වරයා වෙත ඉදිරි පත් කෙරෙන දත්ත සමාලෝචනයන් ලබන සඳුදා (16) ජනතාව හමුවේ හෙළිදරව් කිරීමට අග්‍රාමාත්‍ය වරයාට හැකිවනු ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.ඒ සම්බන්ධයෙන් අගමැති වරයා තම කාර්ය මණ්ඩලයට පවසා ඇත්තේ එම බැරෑරුම් ප්‍රශ්න වලට විසඳුම් දීමට පෙර ජනතාවට ඇත්ත ඇති සැටියෙන්ම පහදා දිය යුතු බවකි.

කාලීන පුවත්