රටේ ප්‍රශ්න මාර්තුවෙන් ඉවරයි; විදුලි කප්පාදුවත් 05 දා ඉවරයි

මේ වන විට රට හමුවේ ඇති සියලු අර්බුද මාර්තු මාසය නිමා වීමට පෙර අවසන් කළ හැකි බව ප්‍රකාශ කර ඇති මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර ඇත.ඔහු එහි දී අමාත්‍ය මණ්ඩලයට පවසා ඇත්තේ”මේ ඉවසුවා වගේ තව ටිකක් ඉවසන්න” යනුවෙන් පමණි. පසුගිය 28 වන දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය මඟින් පැවති කැබිනට් හමුවේදී ප්‍රවාහන, විදුලි, ඉන්ධන අර්බුද සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු බව පැවසෙයි.ප්‍රවාහන ක්ෂේත්‍රය මුහුණ පා සිටින ඉන්ධන හිඟයට පිළියමක් කඩිනමින් දිය යුතු බව ප්‍රකාශ කර ඇති මුදල් අමාත්‍යවරයා දුම්රිය සහ බස් රථවලට අවශ්‍ය ඉන්ධන සෘජුව ආනයනය කිරීමේ අවස්ථාව සලසා දීමට අවධානය යොමුව ඇති අතර ඒ අනුව දැනට සිදු කෙරෙන විදුලි කප්පාදුව ද මාර්තු මස 05 වැනිදා සිට නතර කිරීමට හැකි වනු ඇතැයි මුදල් අමාත්‍ය වරයා කීය.එහෙත්,ඒ සඳහා අනුගමනය කරන උපාය මාර්ග මොනවා දැයි ඔහු හෙළි නොකළ බවත් එය දේශීය සම්පත් තව දුරටත් විදේශකරණයට ලක් කිරීමක් වැනි රටට අහිතකර ක්‍රියා මාර්ග දැයි දැඩි ලෙස විමසිලිමත් වන බවත් කැබිනට් අමාත්‍ය වරයෙක් කීය.

කාලීන පුවත්