මේ වන විට සියලු දේශපාලන පක්ෂ වලට සහභාගී විය හැකි පක්ෂ සර්ව පාක්ෂික සමුළුවක් පිහිටුවා ඇති බැවින් රට සම්බන්ධ තම තමන්ගේ යෝජනා තැන් තැන් තැන් වල ප්‍රකාශ කළ යුතු නැතැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.එමෙන්ම කලින් පක්ෂ සර්ව පාක්ෂික සමුළුවක් ගැන යෝජනා කළ ඇතැම් පක්ෂ පසුව ඊට එක් නොවූයේ එය හිටපු ජනාධිපති මෛතීපාල සිරිසේන් මහතා ගේ යෝජනාවක් ලෙස ඉදිරිපත් වූ නිසා ද විය හැකි බව කී ඇමති වරයා තමන් ගේ පක්ෂ වල මතයන් වල එල්බ නොගෙන දිගු කාලීන දේශපාලන ව්‍යුහයේ වෙනස්කිරීම් වලට සියලු දේශපාලන පක්ෂ සර්ව පාක්ෂික සමුළුවේදී එකඟ විය යුතු බව ද කීය. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ මොරටුව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.