රට පුරා බිත්තර හිඟයක් ඇති වන බවට අනතුරු ඇඟවීමක්

රට පුරා බිත්තර හිඟයක් ඇති වන බවට අනතුරු ඇඟවීමක් රජය විසින් සුදු බිත්තරයක් රුපියල් 43ක් හා රතු බිත්තරයක් රුපියල් 45 ක් ලෙස පාලන මිලක් නියම කිරීමත් සමඟ වහාම ක්‍රියාත්මක වන පරිදි රටපුරා බිත්තර බෙදාහැරීම අත්හිටුවන බව  සමස්ත ලංකා කුකුළු ගොවිපල හිමි කරුවන්ගේ සංගමයේ  සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කරයි.මේ හේතුවෙන් රට පුරා උග‍්‍ර බිත්තර හිගයක් ඇති වනු ඇතැයිද ඔහු පැවසීය.රජය විසින් නම් කර ඇති පාලන මිලට බිත්තර අලෙවි කිරීම මත තම ව්‍යාපාර පාඩු ලබන බවද පවසන සභාපතිවරයා ව්‍යාපාරයට අවශ්‍ය සත්ව ආහාර, යෙදවුම් මෙන්ම ප්‍රවාහන ගාස්තු ද එකතුව බිත්තර නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා මීට වඩා වැඩි මුදලක් වැය වන බව ද ඔහු සඳහන් කරයි.

කාලීන පුවත්