රට හමුදා පාලනයකට යොමු විය හැකි නිසා සාමකාමී වන්න

රට හමුදා පාලනයකට යොමු කරවීම සඳහා මේ අවස්ථාවේ කඩාකප්පල්කාරීන් විසින් ප්‍රචණ්ඩත්වය උසිගැන්විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් දැනුවත් ව සාමකාමීව කටයුතු කරන ලෙස ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.එමෙන්ම මෙම අවදානම පිටු දැකීම සඳහා සංවිධානාත්මකව කටයුතු කරන ලෙසත්, මෙතෙක් කල් සාමකාමී අරගලයක නිරත වුණු මහජනතාවගෙන් ඇය ඉල්ලා සිටියි.ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි.මේ අතර මහජන දේපල වලට සහ ජීවිත වලට හානි කරන්නවුන්ට වෙඩි තබන ලෙස ත්‍රිවිධ හමුදාවන්ට උපදෙස් දුන් බව ආරක්ෂක අංශ ද නිවේදනය කර තිබේ.

කාලීන පුවත්