රණවිරු සැමරුම් මාසය ආරම්භ කිරීම සංකේතවත් කරමින් පළමු රණවිරු කොඩිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පැළදවීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (03) සිදු කෙරුණි.
දශක තුනකට අධික කාලයක් පැවති ත්‍රස්තවාදය නිමාකර නිදහස් නිවහල් දේශයක් වෙනුවෙන් කැපවූ අභීත රණවිරුවන් අනුස්මරණය කරමින් රණවිරු මාසය සැමරෙයි.
මේ අතර සාමාන්‍ය පෙළ විභාගය සමත් අධ්‍යාපන කලාප 100ක සිසුන් 3000ක් සඳහා ජනාධිපති අරමුදලින් සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්ව ක්‍රියාත්මක කරන ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව ලබා දීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (03) ආරම්භ කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ඒ, සිසුන් 110 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව පිරිනමමින්.ඒ අනුව මාස 24ක් සඳහා ඇස්තමේන්තු ගත මුළු මුදල රුපියල් මිලියන 360ක් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.