ලෝක වෙළෙඳපොළේ රන් මිල පහළ ගොස් ඇති අතර ඊට සාපෙක්ෂව මෙරට රන් මිල ද අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ ලෝක වෙළෙඳපොළේ රත්රන් අවුන්සයක් ඩොලර් 20 කින් පමණ පහළ බැස ඇති බවත් මෙම මිල මාස දෙකකට ආසන්න කාලයකදී වාර්තා වූ අඩුම මිල බව සඳහන් ය.මීට සතියකට පමණ පෙර ලෝක වෙළෙඳපොලේ ඩොලර් 1,818 කට පැවැති රත්රන් අවුන්සයක් මේ වන විට ඩොලර් 1789 ක් දක්වා පහත වැටී තිබේ.ඊට සාපේක්ෂව ශ්රී ලංකා වෙළෙපොළේ කැරට් 22 රන් පවුමක් රුපියල් 112,500 කට සහ කැරට් 24 රත්රන් පවුමක් රුපියල් 121,500 ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර එම මිල ගණන් ඉදිරියේදී තරමක් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වේ.