සිර දඬුවම් විඳිමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අද(26) ජනාධිපති සමාව යටතේ නිදහස් වනු ඇතැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.මේ අතර බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක හා බන්ධනාගාර කොමසාරිස්(පාලන හා පුනරුත්ථාපන )චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළේ රාමනායක මහතාට ජනාධිපති සමාව දීමට අදාල ලියවිලි අධිකරණ අමාත්‍යංශයෙන් බන්ධනාගාර දෙපාර්තමේතුවට ලැබී ඇති අතර ඒවා හැකි විගස වැලිකඩ බන්ධනාගාර අධිකාරී වරයා වෙත යොමු කරන බවය.ඒ අනුව අද සවස ඒ මහතා බන්ධනාගාරයෙන් නිදහස ලබා පිටතට පැමිණෙනු ඇත.