රන්ජන්ට දුන් දඬුවම බරපතල වැඩියි

රන්ජන් රාමනායක මහතාට ලබා දී තිබෙන දඬුවම බරපතල වැඩි බවක් තමන් පෞද්ගලිකව විශ්වාස කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (22) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ රැස්වීමේදී මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි.”මගේ පෞද්ගලික මතය රන්ජන් වැරද්දක් කළා.ඒකට එයාට දඬුවමක් ලැබුනා.

ඒ තමයි ඔහුගේ මන්ත්‍රීධුරය අහෝසි වීම. ඒක පුද්ගලයෙකුට ලැබෙන්න පුලුවන් විශාල දඬුවමක්.මට දැනෙන විදිහට රන්ජන්ට මේවගේ දඬුවම් දෙකක් දීම බරපතල වැඩියි.

අපි කවුරුවත් ද්වේශසහගතව ඔහු දිහා බලන්නේ නැහැ. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා”යනුවෙන් ද ඇමති වරයා කීය.

කාලීන පුවත්