මේ වන විට සිර දඬුවමකට යටත් කොට සිටින රංජන් රාමනායක මහතා ලබන සතියේදී නිදහස් කෙරෙන බව ප්‍රචාරය වීමත් සමඟ ඔහු පිළිගැනීම පිණිස උත්සව කිහිපයක් මේ වන විට සංවිධානය වෙමින් පවතින බවට වාර්තා වෙයි.ඒ අතර පක්ෂ, සිවිල් සංවිධාන, කලාකරුවන් සේම රාමනායක මහතාගේ රසිකයන් හිතවතුන් ඇතුළු පිරිසක් වැලිකඩ බන්ධනාගාරය ඉදිරියේ දීම ඒ මහතා පිළිගැනීමට සූදානම් වන බව පැවසෙයි. මේ අතර රාමනායක මහතා ලබන සතියේ ජනාධිපති සමාව යටතේ නිදහස ලබන පුවත තමන්ට ද තහවුරු කළ හැකි බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ද පවසා තිබේ.අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රන්ජන් රාමනායක මහතාට ඒ 2021 වර්ෂයේ ජනවාරි 12 වැනිදා වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කරනු ලැබීය.ඒ අනුව ඔහු මේ වන විට වසරකුත් මාස හතක කාලයක් සිරගත වී ඇත.