රන්ජන් ගේ නිදහස වෙනුවෙන් ප්‍රීති උත්සව සූදානමක්

දැනට බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට හෙට දිනයේ(04) නිදහස ලැබෙන බවට පළ වන ආරංචි මත ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන,දිවුලපිටිය ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක ප්‍රීති උත්සව සංවිධානය කෙරෙමින් පවතින බව වාර්තා වෙයි.

දිවුලපිටියේ “පස් පාතාලය”නමින් හැඳින්වෙන මැර කල්ලි වලට එරෙහිව තම ආත්මාරක්ෂාව ගැන පවා නොතකා සටන් වැදුණු රාමනායක මහතා පසුව 2017 වසරේ දී දිවුලපිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධුරයෙන් ද ඉවත් කරන ලදී.

මේ අතර මනුෂ්‍යත්වයට මුල් තැන දී ක්‍රියාකරන මානව හිතවාදි නායකයෙකු වන රන්ජන් රාමනායක මහතා නිදහස් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් යළිත් වරක් ඉල්ලීමක් කරන බවත් හෙට දිනයේ දී ඔහුට පූර්ණ නිදහස ලැබෙයි කියා තමන් දැඩිව විශ්වාස කරන බවත් පූර්ණ නිදහස ලැබෙයි කියා තමන් දැඩිව විශ්වාස කරන බවත් අද රාමනායක මහතා බැලීමට වැලිකඩ බන්ධනාගාරයට ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කාලීන පුවත්