රන්ජන් ජනප්‍රිය නළුවා ජනතා සම්මානයෙන් පිදුම් ලබයි

රන්ජන් ජනප්‍රිය නළුවා ජනතා සම්මානයෙන් පිදුම් ලබයි මේ වන විට බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය සිනමා නළු රන්ජන් රාමනායක මහතා ඊයේ(21 ) රාත්‍රියේ කොළඹදී පැවති 2022 ස්ලිම්-කන්ටර් සම්මාන උළෙලේදී ජනප්‍රිය නළුවා ජනතා සම්මානයෙන් පිදුම් ලැබීය.

අධිකරණයට අපහාස කිරීම නම් වන චෝදනාවකට වරද කරු කිරීම මත දැනට සිරගතව සිටින ඔහු අවස්ථා කිහිපයකදීම ජනප්‍රිය නළුවා සම්මානයෙන් පිදුම් ලබා ඇත.රාමනායක මහතා මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ විකලාංග වෛද්‍ය ඒකකයට යොමු කොට තිබේ.

කාලීන පුවත්