එමෙන්ම අදාළ නඩු තීන්දුව උපයෝගී කරගෙන ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීම මෙන්ම හත් වසරකට ඔහුගේ ප්‍රජා අයිතිය අහිමිවීම පිළිබඳව ද සංගමය සිය බරපතල අවධානය පළ කර තිබේ.
එබැවින් රන්ජන් රාමනායකට සමාවක් ප්රදානය කර අධිකරණයට අපහාස කිරීමේ අධිකරණ ක්‍රියාදාමය හේතුවෙන් ඔහුට සිදුකරන ලද අසාධාරණය නිවැරදි කරන මෙන් ලොව පුරා පාර්ලිමේන්තු නියෝජනය කරන ජාත්‍යන්තර සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටියි.එම සංගමය පවසන්නේ, ජනාධිපතිවරයා සිය ඉල්ලීමට සාවධානව කන් දෙනු ඇතැයි බලාපොරොත්තුවන බවය.
තවදුරටත් කරුණු දක්වන එම සංගමය, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් මතු වූ තත්වය සැලකිල්ලට ගෙන, අධිකරණයට අපහාස කිරීම පැහැදිලිව අර්ථකතනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කර තිබේ.
රන්ජන් රාමනායක මහතාගේ සෞඛ්‍ය තත්වය මෙන්ම ඔහු රඳවා සිටින බන්ධනාගාරයේ පවතින තත්වය පිළිබඳව ද බරපතල අවධානය පළ කරන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ පාලක මණ්ඩලය, සිය ඉල්ලීම ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහ අදාළ බලධාරීන් වෙත යොමුකරන මෙන් සංගමයේ මහ ලේකම්වරයාට නියම කරන අතර, පැමිණිල්ල පිළිබඳව තවදුරටත් විභාග කරන මෙන් අදාළ කමිටුවට නියෝග කර තිබේ.