රනිල්ට ජනපතිවරණ සටන දිනන්න ඉඩ දී රාජපක්ෂලා සටන් බිමෙන් ඉවත් විය යුතුයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොටසක් මේ වන විට ආර්ථික ඝාතකයන් ලෙස හැඳිනීමට ලක්ව ඇති බැවින් රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා රාජපක්ෂලා මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වී සිටිය යුතු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.“පොහොට්ටුවේ ආර්ථික ඝාතකයෝ කියලා දැන් කොටසක් හඳුනාගෙන තියෙනවා. ඒ අයත් එක්ක හිටීම තමයි මේ රටේ මිනිස්සුන්ගෙන් රනිල් වික්‍රමසිංහ මහතාට තියෙන සෘණාත්මක බලපෑම.ඒක මං එතුමාට කියලාත් තියෙනවා. මං හිතන්නෙ රාජපක්ෂවරුත් තීන්දුවක් ගන්න ඕනෙ තමන්ගේ කඳවුරක් දිනනවා නම් තමන් පැත්තකට වෙන්න.”යැයි රාජිත සේනාරත්න මහතා කීය. ඒ රූපවාහිනී නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

කාලීන පුවත්