එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් මෙතුවක් බාර නොගත් කිසිදු තනතුරක් මේ මොහොතේ බාර ගැනීමට සූදානම් නැතැයි එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
ඒ ජාතික අර්බුදය විසඳීමට අමාත්‍ය ධුර බාර ගන්නැයි ජනාධිපතිවරයා පාර්ලින්මේන්තුව නියෝජනය කරන විපක්ෂ මන්ත්‍රීන් හට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ විවෘත ආරාධනයට ප්‍රතිචාර වශයෙනි.
මේ අතර සර්ව පාක්ෂික සමුළුවේදී ද යෝජනා කෙරුණු පරිදි සියලු පක්ෂ නායකයන්ගේ කමිටුවක් හදා අර්බුදයට විසඳුම් සෙවිය යුතුය යන ස්ථාවරයේ හිටපු අග්‍රාමාත්‍යවරයා තවදුරටත් සිටින බව ද එහි කිසිම වෙනසක් සිදු නොවන බව ද එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.