රනිල්ට “මාෂල්” පට්ටමක් – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

vinivida

බොහෝ දේශපාලන පණ්ඩිතයන්ගේ බොරු බේගල්, නොමඟ යැවීම් සැකයන් හා අවිශ්වාසයන් නිම කරමින් අවසානයේ දී ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ නිල ගැසට් නිවේදනය නිකුත් වී ඇත.ජූලි 17සිට ගැසට් නිවේදනය නිකුත් කළ ජූලි 26 දිනය අතර කාලය මැතිවරණ කොමිසමේ සභාපති වරයාට රාහු කාලයක් අල්ලාගෙන උසුළු විසුළු අපහාස උපහාස කළ මෝඩ දේශපාලන ඇම්බැට්ටයින් නිරුවත් කරමින් මැතිවරණ කොමිසම තමන්ට ව්‍යවස්ථානුකූලව මැතිවරණය පැවැත්විය හැකි ඉක්මන්ම දිනය වූ සැප්තම්බර් 21දිනයට මැතිවරණය නියම කර ඇත.එම දිනය සම්බන්ධයෙන් අපි කල් තියාම සංඛ්‍යානමය අනාවැකියක් ද මෙහි www.vinivida.lk පළ කොට ඇත්තෙමු.දැන් දේශපාලකයන්ට ඇත්තේ තම තමන්ගේ මැතිවරණ ව්‍යාපාර නීතියට අනුව සිදුකරමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ස්වාධීන මැතිවරණ කොමිසමට සහය දීම ය.

නාම යෝජනා දැන්වීම නිකුත් කිරීමෙන් පසු සිදුවූ ප්‍රමුඛතම දේශපාලන සිද්ධිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන් ජනාධිපතිවරණය ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ කරන බව ප්‍රකාශයට පත් කිරීම ය.පසුගිය කාලයේ බොහෝ විපක්ෂ දේශපාලකයන් ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවනු ඇති බවත් ඒ වෙනුවට ජනපතිවරණය කල් දමා ගැනීමට නොයෙක් උප්පරවැට්ටි යොදමින් කරමින් සිටින බවත් ය. ඒ සඳහා උදාහරණ ලෙස ඔවුන් පෙන්වා දුන්නේ ජනපතිවරයාගේ ධුර කාලය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබු පරස්පරතාවයක් මුල්කරගෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරනු ලැබූ නඩු දෙකකි.මේ මූලික අයිතිවාසිකම් නඩු දෙකෙන්ම ජනාධිපතිවරණය පැවැත්වීම වැලැක්වීමට අතුරු තහනම් නියෝග ඉල්ලා තිබුණි.මේ නඩු දෙක පිටුපස ජනාධිපතිවරයා සිටින බවට “අතේ පත්තු කළ” කතාන්දර බොරු කරමින් රජයේ නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මේ පෙත්සම් දෙකම නිශ්ප්‍රභ කරන ලෙස ය.ඒ පෙත්සම් දෙකම ප්‍රතික්ෂේප වූයේ ගාස්තුවටත්‍ යටත්ව ය.

රනිල් වික්‍රමසිංහගේ ජනපතිවරණ සම්ප්‍රාප්ති ප්‍රකාශය සමඟ සිදු වූ පලමු දේශපාලන විභේදනය සිදුවූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ ය.ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යනු 2019 දී හැට නම ලක්ෂයක ජනවරමකින් ජනාධිපති ධුරය දිනාගෙන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් සහිත අතිශය ශක්තිමත් රජයක් පිහිටුවා ගත් දේශපාලන පක්ෂයකි.නමුත්, එහි නායකයින් අනුගමනය කළ අදූරදර්ශී මරි මෝඩ පාලන ක්‍රමවේදය නිසා වසර දෙකක් තුළ රටේ ආර්ථිකය මළ මිනියේ උණ බහින වේගයෙන් පහළ වැටුණි.රට බරපතල අර්බුදයකට ලක්විය.

රනිල් වික්‍රමසිංහ ජනපතිවරණයට තරඟ කරන බව ප්‍රකාශයට පත්කිරීම පවතින දේශපාලන පෙළ ගැස්ම වෙනස් කිරීමට පාදක වූ ප්‍රකාශයක් බව දැන් සිදුවන සිද්ධීන් අනුව පෙනේ.රනිල් වික්‍රමසිංහගේ ජනපතිවරණ සම්ප්‍රාප්ති ප්‍රකාශය සමඟ සිදු වූ පලමු දේශපාලන විභේදනය සිදුවූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ ය.ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යනු 2019 දී හැට නම ලක්ෂයක ජනවරමකින් ජනාධිපති ධුරය දිනාගෙන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් සහිත අතිශය ශක්තිමත් රජයක් පිහිටුවා ගත් දේශපාලන පක්ෂයකි.නමුත්, එහි නායකයින් අනුගමනය කළ අදූරදර්ශී මරි මෝඩ පාලන ක්‍රමවේදය නිසා වසර දෙකක් තුළ රටේ ආර්ථිකය මළ මිනියේ උණ බහින වේගයෙන් පහළ වැටුණි.රට බරපතල අර්බුදයකට ලක්විය. මහජනතාවට එදිනෙදා අවශ්‍ය ඉන්ධන, ගෑස්, ඖෂධ ආහාරපාන විදුලි බලය ආදිය නැති විය.ඒ පිඩනය නිසා මහ පාරට බැස්ස ජනතාව අරගලයට එකතු වී අවසානයේ රාජපක්ෂ සනුහරේම එලවා දැම්මේ ඔවුන්ට සැඟවීමට තැන් සොයා ගැනීමට පවා සිද්ද කරමිනි. ඒ අලකලංචියෙන් පසු ආර්ථික අර්බුදයෙන්ද ඉහළ යන ජීවන වියදමෙන් ද ආදයම් මාර්ග බිඳවැටීමෙන් ද අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයෙන් ද කඩා වැටුණු රටේ බලය දැරීමට කිසිවෙක් ඉදිරිපත් වුනේ නැත.අවසානයේ ලෝකයේ කවර පාර්ලිමේන්තුවකවත් එතෙක් සිදු නොවී තිබුණු අපූරු දෙයක් අපේ රටේ සිදුවිය ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතරයක සහාය හිමි කෙනා අගමැති විය යුතු රටේ; දේශපාලන පක්ෂයකින් පාර්ලිමේන්තුවට පත්ව සිටි තනි මන්ත්‍රීවරයෙකු වූ රනිල් වික්‍රමසිංහ අගමැති වීම ය.

ලෝක වාර්තාවක් තබමින් අගමැතිකම හිමි කරගත් රනිල් වික්‍රමසිංහට එසැනෙන් අහිමිවූයේ ඔහුගේ පාරම්පරික නිවසයි.අසීරු අවස්ථාවක රටේ අගමැතිකම භාරගත් ඔහුට අරගල කරුවන් කෘත ගුණ සැලකුවේ ඔහුගේ පුද්ගලික නිවස ගිනිබත් කරමිනි .අවසානයේ ගෝඨාභයගේ බයෙන් පලායාමත් ඉල්ලා අස්වීමත් නිසා රනිල්ට වැඩ බලන ජනපති වන්නට සිදු විය.එහෙත් අඩුම තරමින් ඔහුට වැඩ බලන ජනපති ලෙස දිවුරුම් දෙන්නවත් තැනක් තුබුණේ නැත ඒ නිසා කොල්ලුපිටියේ පොල්වත්ත පන්සලේ බණ මඩුවේ දිවුරුම්දී වැඩ ඇරඹූ රනිල් මුලින්ම ජනතා අරගලයේ රශ්මියෙන් උතුරු දකුණු නැතුව හිටි හමුදා හා පොලිස් ප්‍රධානීන්ට ඔවුන්ගේ රාජකාරිය මතක් කර දුන්නේය.එහි ප්‍රතිඵල ලැබුනේ පැය ගණනකිනි.

එසේ ලෝක වාර්තාවක් තබමින් අගමැතිකම හිමි කරගත් රනිල් වික්‍රමසිංහට එසැනෙන් අහිමිවූයේ ඔහුගේ පාරම්පරික නිවසයි.අසීරු අවස්ථාවක රටේ අගමැතිකම භාරගත් ඔහුට අරගල කරුවන් කෘත ගුණ සැලකුවේ ඔහුගේ පුද්ගලික නිවස ගිනිබත් කරමිනි .අවසානයේ ගෝඨාභයගේ බයෙන් පලායාමත් ඉල්ලා අස්වීමත් නිසා රනිල්ට වැඩ බලන ජනපති වන්නට සිදු විය.එහෙත් අඩුම තරමින් ඔහුට වැඩ බලන ජනපති ලෙස දිවුරුම් දෙන්නවත් තැනක් තුබුණේ නැත ඒ නිසා කොල්ලුපිටියේ පොල්වත්ත පන්සලේ බණ මඩුවේ දිවුරුම්දී වැඩ ඇරඹූ රනිල් මුලින්ම ජනතා අරගලයේ රශ්මියෙන් උතුරු දකුණු නැතුව හිටි හමුදා හා පොලිස් ප්‍රධානීන්ට ඔවුන්ගේ රාජකාරිය මතක් කර දුන්නේය.එහි ප්‍රතිඵල ලැබුනේ පැය ගණනකිනි .ජනපතිත් අගමැතිත් එලවා ඔවුන්ගේ නිල නිවාස කාර්යාල එක් කණ්ඩායමක් තම භාරයට අල්ලා ගනිද්දී තවත් කණ්ඩායමක් පාර්ලිමේන්තුව අල්ලා ගැනීමට සංවිධානය කර වහසි බස් දොඩමින් පෙරට දැක්කූ බලවේග මදී නොකියන්න සලකා පලවා හැරිණි.මේ අරගල සංවිධානය කල විප්ලවවාදී සංවිධායකයන් ඉන්පසු කටක් ඇරියේම නැත.මේ පලවා හැරීම් රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉඩ කඩ ඇහිරීමක් ලෙස රනිල්ට කියා දෙන්නට පැමිණි ඇමරිකානු තානාපතිනියට රනිල් සිහිපත්කර දුන්නේ ඇමරිකන් නිදහස් මන්දිරය අල්ලාගෙන සිටි සිටි ප්‍රචණ්ඩ කාරීන්ට එතුමියගේ රට සැලකූ අන්දම ය.එවිට ඇය තේ එකක් බී ගියා මිස යළිත් ප්‍රජාතන්ත්‍රවාදය කියාදෙන්නට ආවේ නැත. දින කීපයකින් ජනපති අගමැති කාර්‍යාල වලිනුත් අරගල කරුවන් එලවා දමා රට පාලනය ඇරඹූ රනිල්ට උදව්වට ප්‍රධාන වශයෙන් හිටියේ ඒ වන විට නායකත්වය සොයා ගත නොහැකිව උන් හිටි තැනුත් අහිමිව සිටි පොහොට්ටුවේ මන්ත්‍රී වරුන් පමණි.විපක්ෂයේ මන්ත්‍රීවරුන් සුලු පිරිසක් ද ඔහුට සහය දැක්වූ අතර ඔහු යටතේ දේශපාලනයට කැඳවා ගත් ඔහුගේ ගෝලයින් වූ බොහෝ විපක්ෂ මන්ත්‍රීවරු තම පැරණි නායකයාට ප්‍රමාණවත් සහායක් දැක්වූයේ නැත.

රනිල් විසින් දේශපාලනයට කැඳවා ගොඩ නැඟීමට ඉඩ දුන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා අනුප්‍රාතික ජනාධිපති කමටවත් තරඟ කිරීමට බිය වුණත් සිය පැරණි නායකයාට සහයෝගයක් දුන්නේම නැත.රටේ අර්බුදකාරී අවස්ථාවකදී අනුප්‍රාප්තික රාජ්‍ය නායකයා පාර්ලිමේන්තුවෙන් තේරූ මින් පෙර එකම අවස්ථාවේ දී එවක විපක්ෂ නායිකාව ලෙස සිටි ශ්‍රේෂ්ඨ දේශපාලන නායිකාවක වූ සිරිමාවෝ මැතිණිය නිතරඟයෙන් අගමැතිවරයාව ජනපති බවට පත් කර ඉහල ආදර්ශයක් දුන්නා ය. එදාටත් වඩා අතිශය දරුණු තත්වයක් තිබියදීත් මෙවර ඒ ආදර්ශය මත වත්මන් විපක්ෂ නායකයා තම පැරණි නායකයාට උදව් කළේ නැත.ඔහු ඇතුලු විපක්ෂ ලොක්කන් හිතාගෙන හිටියේ බංකොලොත් රටේ ජනාධිපති වී රනිල් ඉක්මනින්ම “ඇන ගනු” ඇති බවට ය.අර්බුදය මැද ඉවත් වූ පොහොට්ටුවේ ජ්‍යෙෂ්ට ඇමතිවරු වෙනුවට අමාත්‍ය ධුර, රාජ්‍ය අමාත්‍ය ධුර ලැබුණු තරුණ පොහොට්ටු මන්ත්‍රීවරුන්ට රාජපක්ෂ වරයකු නොවන නායකයෙකු යටතේ වැඩ කිරීමේ අවස්ථාව පලමු වරට ලැබුණි.රාජපක්ෂවරුන් යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීකම පවා ඔවුන්ටම ඕනෑ විදියට කරන්න වී තිබුණු මේ තරුණ අමාත්‍යවරුන්ට රනිල් යටතේ ලද නිදහස හා ශක්තිමත් මග පෙන්වීම තුළ බොහෝ අභියෝගාත්මක කාර්යයන් ඉටු කළ හැකි විය. බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී තරුණ අමාත්‍ය වරයෙකු වන කාංචන විජේසේකර දැක්වූ දක්ෂතාවය ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ද තරුණ රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ෂෙහාන් සේමසිංහ අත්කරගත් ප්‍රගතිය ඊට හොඳ උදාහරණ දෙකකි.එමන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුසිල් ප්‍රේම ජයන්ත, අධිකරණ ක්ෂේත්‍රයේ විජේදස රාජපක්ෂ විදේශ කටයුතු ක්ෂේත්‍රයේ අලි සබ්‍රි සෞඛ්‍ය හා කර්මාන්ත රමේශ් පතිරණ කම්කරු හා විදේශ රැකියා මනුෂ නානයක්කාර සංචාරක හා ඉඩම් හරින් ප්‍රනාන්දු වැනි ඇමතිවරු ද රනිල්ගේ 20කට අඩු ඇමති මණ්ඩලයේ වැඩ පෙන්වූ ඇමතිවරු ය.

අසීරු තීරණ ජනප්‍රිය නොවන තීරණ ගනිමින් තමාට සහය දුන් “අනුන්ගේ කණ්ඩායම” සමඟ බාහිරින් එන ගල්-මුල් ප්‍රහාර මැද රනිල් රට කරවද්දී බොහෝ දෙනා ඔහුට ජනවරමක් නැති පිං ජනාධිපතියැයි අපහාස කළහ.මේ පවතින පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් නියෝජනය වන්නේ පක්ෂ 15ක් ලෙස ය.වැඩිම ඡන්ද ලබාගෙන වැඩිම මන්ත්‍රීවරු සංඛ්‍යාව පත්ව තිබුණේ පොහොට්ටුවෙනි ඒ ඡන්ද 6853690ක් හා මන්ත්‍රීධුර 145ක් ලෙසිනි. ඊළඟට වැඩිම ඡන්ද ප්‍රමාණය වූ 2771980 කට මන්ත්‍රීධුර 54ලැබූ පක්ෂය සමගි ජන බලවේගය විය ඊළඟට වැඩිම මන්ත්‍රී සංඛ්‍යාව වූ 16 සිටියේ .දෙමල සන්ධානයට වුව ද ඔවුන් 327168ක් වූ ඡන්ද ප්‍රමාණයෙන් සිටියේ සිව්වන තැන ය.ඡන්ද 445958 ලබා ඇති ජාතික ජන බලවේගය ඡන්දවලින් තුන්වෙනි වුණත් මන්ත්‍රී සංඛ්‍යාව 3,නිසා හතර වෙනි තැනට පත් විය ඡන්ද සංඛ්‍යාවෙන් පස්වෙනි තැන මේ පාර්ලිමේන්තුවේ ඇත්තේ එජාපයට ය.ඒ 249435 කි.නමුත් පත්ව ඇත්තේ එක් මන්ත්‍රී වරයෙකි. ඡන්ද 67766 ලෙස හයවෙනි තැනට ඡන්ද ලැබූ අකිල ඉලංකෙයි දෙමල කොන්ග්‍රසයට මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පත්ව ඇත.ඡන්ද 61464 ගත් ඊපීඩීපියට මන්ත්‍රී ධුර දෙකකි.ඉතිරි පක්ෂ අටක්ම ඡන්ද 68000- 33000අතර ලබමින් එක් මන්ත්‍රීවරයෙකු නියෝජනය කරවීය.මේ එක් එක් පක්ෂ ගත් ඡන්ද සංඛ්‍යාව ඔවුන් ලැබූ මන්ත්‍රී සංඛ්‍යාවෙන් බෙදීමෙන් ඒ මන්ත්‍රීවරයා නියෝජනය කරන ජනවරමේ ප්‍රමාණය සොයාගත හැකිය. එවිට හෙලිවන අපූරු කරුණ නම් මේ පාර්ලිමේන්තුව අනුප්‍රාප්තික ජනාධිපති ධුරයට පත්කරගෙන ඇත්තේ මේ පාර්ලිමේන්තුවේ වැඩිම ජනවරමින් පත් වූ මන්ත්‍රීවරයා වූ රනිල් වික්‍රමසිංහව බවය. ඉන් හෙලි වන්නේ ජනවරමක් නැති පිං ජනපතියැයි රනිල්ට චෝදනා කළේ ඔහුට පාර්ලිමේන්තුවේ තිබූ ජනවරමෙන් පංගුවක්වත් නොගත් අය බව ය. මේ සරල ගණිතමය ගැටළුව නිරාකරණය කොට පිං ජනපති චෝදනාවට උත්තරයක් දෙන්න පුලුවන් යූඇන්පී කාරයෙක්වත් රනිල් ළඟ ඉතුරුවී සිටියේ නැති බව නම් කිව යුතුම ය.

රාජ්‍ය ආදායම ඉහළ නංවාගෙන උද්ධමනය පාලනය කර ණය ප්‍රතිව්‍යුහ ගත කරගෙන රාජ්‍ය අංශයේ ද සැලකියයුතු ප්‍රතිසංස්කරණයන් ආරම්භ කර රටේ අර්බුදය සමනය කරද්දී දැන් රට ගැන බොහෝ ආදරයකින් කතා කරන දේශපාලකයෝ උද්ඝෝෂණ පා ගමන් වැඩවර්ජන සංවිධානය කරමින් රනිල්ට විරෝධය දැක්වූහ.ප්‍රධාන විපක්ෂය කිසිදු තීරණාත්මක කරුණකදී රජයට සහයක් දැක්වුවේ නැත.රට බංකොලොත් කළේ අයි එම් එෆ් නොයාම,රුපියල පා නොකිරීම බදු අඩු කිරීම ආදී දේ නිසා ය කියා ගෝඨාභයට එරෙහිව අධිකරණයේ නඩු පැවරූ ප්‍රධන විපක්ෂයම රනිල් අයිඑම් එෆ් සමඟ අත්සන් කළ ගිවිසුමට විරුද්ධව පාර්ලිමේන්තුවේ ඡන්දය දුන්නෝ ය.බදු වැඩි කරද්දී පාරට බැස්සේය.රුපියල පාවෙන විට ජීවත් වෙන්න බැරියයි කෑගැසුවෝ ය.රටේ අර්බුදය විසඳන්න කළයුතු යැයි තමන් කියූ දේ රනිල් කරන කොට විරුද්ධවීමේ අමුතුම න්‍යායක විපක්ෂ ආර්ථික ලොක්කෝ ක්‍රියා කළෝය. මේ සියලු අභියෝග විරෝධතා පුද්ගලික අපහාස උපහාස මධ්‍යයේ රට කිසියම් ස්ථාවර තත්වයකට ගෙන ඒමට රනිල් සහ ඔහුට සහය දුන් “අනුන්ගේ” කන්ඩායම මේ වන විට සමත්වී ඇත. ඒ අතර රනිල්ව තමන්ගේ අපේක්ෂකයා කරගෙන ඔහු පිට නැඟී ගොස් ගොඩ යන්නට හිතා සිටි පොහොට්ටුවේ රාජපක්ෂ පතුර කලබල වුණේ රනිල් ස්වාධීනව ජනපතිවරණයට තරඟ කරන බව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ය. කලබල වූ පොහොට්ටුවේ රාජපක්ෂ කල්ලිය තමනුත් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව ප්‍රකාශයට පත් කළෝය. ප්‍රතිඵලය වූයේ පොහොට්ටු මන්ත්‍රීවරුන් සියයක් පමණ රනිල්ට සහය දෙන බව පවසමින් ඔහු වටා පෙළ ගැසීම ය. ඉන් සිදුවූයේ පොහොට්ටුවේ රාජපක්ෂ පතුර අත හැර මුලු පොහොට්ටුවම පාහේ රනිල් ළඟට යාම ය. ඒ තමන් වටා පෙළ ගැසුණු පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම රනිල්ගේ විශේෂ අගැයුමට ලක් වෙමිනි. “මා පසුගිය වසර දෙකේ වැඩ කළේ හැත්තෑ හතේ වැඩ කළ කණ්ඩායම වැනි දක්ෂයින් පිරිසක් සමග ය. ඔබලා ඕනෑම අභියෝගයක් ඉදිරියේ වැඩ කළ හැකි දක්ෂයින් ය “යන ප්‍රකාශය වැනි අගැයුමක් රනිල් ඔහුගේ වසර හතලිස් හතක දේශපාලන ඉතිහාසයේ තම නායකත්වයෙන් වැඩ කළ එජාප කණ්ඩායමකටවත් දී නැත.ඒ මේ පොහොට්ටු කණ්ඩායම ලැබූ විශේෂ ඇගයුමකි.

තරුපටි පදක්කම් පුරවාගෙන ඉහලින් වැජඹුණි පොහොට්ටු හමුදාවේ ජෙනරාල්ලා තම හමුදාවට පහර වදිද්දී එය අතහැර පැන ගියෝය .තනිවූ පොහොට්ටු හමුදාවට අණදීමට ජෙනරාල් කෙනෙක් නැති විය .හමුදාවක් නැතිව සිටි රනිල්ට ජෙනරාල් ලා නැතිව සිටි පොහොට්ටු හමුදාව මෙහෙයවන්නට ඉඩ ලැබුණි. මේ ජෙනරාලුත් හමුදාවත් අපූරුවට ගැලපුණි.දැන් පැනගිය ජෙනරාල් ලා පැත්තක ඉඳගෙන දෙන අණ පොහොට්ටු හමුදාව පිළිගන්නේ නැත. ජෙනරාල් රනිල් හීන්සීරුවේ බලන්නේ කඩාගෙන ගිය තම හමුදාවේ ද “වැඩ්ඩන්” ගෙන්වා ගෙන හමුදා දෙකම එකතුකර සටන මෙහෙය වන්නට ය .රනිල්ගේ ඒ සැලැස්ම හරිගියොත් රනිල් ෆීල්ඩ් මාෂල් කෙනෙක් නොව”මාෂල්”කෙනෙකුම වෙන එක නවත්තන්න කාටවත් බැරිය.

යූඇන්පී නායකයා වූ දින පටන් රනිල් යූඇන්පිය තුළ තම දර්ශනය ක්‍රියාත්මක කරන්නට උත්සාහ ගත්තේය.බොහෝ යූඇන්පී කාරයින් සමග එය සාර්ථතක කරගන්නට ඔහුට බැරිවිය.රනිල් උත්සාහ කළේ යූඇන්පී කාරයින්ට ඕනෑ දේ කරන්නට නොව රටට හොඳයැයි ඔහුට සිතූණු දේ කරන්නට ය. ඒනිසාම යූඇන්පී අරටු හා රනිල් අතර ගොඩනැගුණු හිඩැස අස්සෙන් රිංගා ගැනීමට සජිත් සමත්විය.සජිත් කළේ අර යූඇන්පී අය අගය කළ දෙවල්‍ ය.නිවාස අධිකාරියට 5000ක විතර යූඇන්පී කාරයින් පිරිසක් හම්බ්න්තොටින් බඳවා ගත්තේ සජිත්‍ ය. මධ්‍යම සංස්කෘතික අරමුදල බිංදුවටම හින්දවා තමන්ට හිතවත් පන්සල් වල ගොඩනැගිලි වලට දුන්නේ සජිත්‍ ය.ඔහු ඒවායින් චූන් වුණු යූඇන්පිය මුලින්ම ගලවා ගෙනගොස් සජබය හදාගෙන එහි නායකයා විය. රනිල්ට ඉතුරුවුණේ යූඇන්පී බෝඩ් ලෑල්ල පමණි.රනිල් හමුදාවක් අහිමි වූ ජෙනරාල් කෙනෙක් විය. මේ අතර තරුපටි පදක්කම් පුරවාගෙන ඉහලින් වැජඹුණි පොහොට්ටු හමුදාවේ ජෙනරාල්ලා තම හමුදාවට පහර වදිද්දී එය අතහැර පැන ගියෝය .තනිවූ පොහොට්ටු හමුදාවට අණදීමට ජෙනරාල් කෙනෙක් නැති විය .හමුදාවක් නැතිව සිටි රනිල්ට ජෙනරාල් ලා නැතිව සිටි පොහොට්ටු හමුදාව මෙහෙයවන්නට ඉඩ ලැබුණි. මේ ජෙනරාලුත් හමුදාවත් අපූරුවට ගැලපුණි.දැන් පැනගිය ජෙනරාල් ලා පැත්තක ඉඳගෙන දෙන අණ පොහොට්ටු හමුදාව පිළිගන්නේ නැත. ජෙනරාල් රනිල් හීන්සීරුවේ බලන්නේ කඩාගෙන ගිය තම හමුදාවේ ද “වැඩ්ඩන්” ගෙන්වා ගෙන හමුදා දෙකම එකතුකර සටන මෙහෙය වන්නට ය .රනිල්ගේ ඒ සැලැස්ම හරිගියොත් රනිල් ෆීල්ඩ් මාෂල් කෙනෙක් නොව”මාෂල්”කෙනෙකුම වෙන එක නවත්තන්න කාටවත් බැරිය.

සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

එතෙර - මෙතෙර