රනිල් ගැන මගේ ස්ථාවරය වෙනස් වුණා

තමන් රනිල් වික්‍රමසිංහ මහතා දැඩි ලෙස විවේචනය කළ පුද්ගලයකු වුවත් ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව ඔහුගේ පාලන කාලය සම්බන්ධයෙන් කරුණු විමසන විට තම ස්ථාවරය වෙනස් කර ගැනීමට සිදුව ඇති බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දේශපාලන විචාරක වික්ටර් අයිවන් මහතා පවසයි. මේ වන විට ශ්‍රී ලාංකීය ජනතාව තුළ රනිල් වික්‍රමසිංහ මහතාට ඉතා ඉහළ පිළිගැනීමක් හිමි වෙමින් පවතින තිබෙන බවත් වර්තමානයේ ජාත්‍යන්තර ලෝක නායකයින් අතර ඉතාම වර්ණවත් නායකයෙකු ලෙස ඔහුට ජාත්‍යන්තරයේ ද පිළිගැනීමක් ඇති බව ද වික්ටර් අයිවන් මහතා පවසයි රනිල් වික්‍රමසිංහ පාලන කාලය තුළ කිසිවකු අතුරුදන් වී හෝ ඝාතනය වී නොමැති බවත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා ද සිදු වී නොමැති බවත් පෙන්වා දෙන වික්ටර් අයිවන් මහතා කියා සිටින්නේ මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතාගේ වැරදි සහ හොඳ සංසන්දනය කළහොත් වැරදි වලට වඩා හොඳ ඉතාමත් ඉහළින් ඇති බවයි.

කාලීන පුවත්