ඉදිරි ජනාධිපතිවරණයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමේ අරමුණ ඇතිව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා ඇතුළු කණ්ඩායම විසින් පිහිටුවන නව සන්ධානයේ සමාරම්භක ජන හමුව එළඹෙන 27 වැනිදා ජාඇල ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබේ.එම කණ්ඩායමේ නායක නිමල් ලන්සා මෙහෙයුම් ප්‍රධානී අනුර ප්‍රියදර්ශන යාපා, අමාත්‍ය නලින් ප්‍රනාන්දු, ප්‍රියංකර ජයරත්න ඇතුළු මැති ඇමැතිවරුන් රාශියක් සහභාගි වීමට නියමිතව තිබේ.එම සන්ධානයේ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ඉදිරියේ දී තවත් සැලකිය යුතු මන්ත්‍රී වරුන් පිරිසක් ඒ වටා ඒකරාශී වීමට දැනටමත් සූදානම් ව සිටිති.