මේ දවස්වල මාතෘකාව බටලන්ද ය. බටලන්ද මාතෘකාවට බාධාවක් වුණා නම් වුණේ පසුගිය දිනවල ගිනි පුපුරු මෙන් දැල්වුණු දේශබන්දු මාතෘකාවෙන් පමණි. ඊට අමතරව බටලන්දට පෙර තවත් බොහෝ මාතෘකා ඇවිත් යට ගොස් තිබුණි.බටලන්දට පෙර ආසන්නයෙන් තිබුණේ රිළවුන් හා වඳුරන් ගණන් කිරීම ය. ඊට පෙර ගිනි තැබීමට ලක් වූ දේපල වලට දේශපාලනඥයන්ගේ වන්දි ගැනීම ය. ඊටත් පෙර ජනාධිපති අරමුදලේ ප්‍රතිකාර ලැයිස්තුව ය.ඊටත් කලින් මහ මෝල් කාරයන් ගේ සහල් මාෆියාව ය.මේ සියල්ලට කලින් මහින්ද රාජපක්ෂගේ නිල නිවාසය ය.මේ සියලු මාතෘකා ආණ්ඩුව විසින් ඉදිරියට ගෙන සතියක් දෙකක් සමාජ අවධානයේ තබාගෙන ක්‍රමයෙන් අත හැර දැමූ ජාතික තලයේ මාතෘකාවන් ය.මහින්ද රාජපක්ෂගේ නිල නිවාසය පිළිබඳ බොහෝ තොරතුරු පෙන්වමින් සති දෙකක් පමණ ගැලරිය පිනවමින්; නැතහොත් තමන්ගේ හිතවතුන් හා පාක්ෂිකයන් ප්‍රබෝධමත් කළ ආණ්ඩුව ඉන්පසුව හිමිහිට මාරුවුණේ සහල් මාෆියාව නම් මාතෘකාවට ය.එයත්, සති දෙක තුනක් පවත්වාගෙන ගොස් ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්තේය කියන දේශපාලඥයන්ගේ ලැයිස්තුවක් එළියට දැමූ ආණ්ඩුව මහජන අවධානය එතනට යොමු කර ගත්තේය.
ආණ්ඩුවට රනිල් නිදහසේ එළියේ දේශපාලනයේ ඉන්න එක ලොකු ප්‍රශ්නයක් වී තිබුණි.ආණ්ඩුවට එරෙහි විපක්ෂයේ ලොකුම බලය සජිත්ට තිබුණාට සජිත්ගෙන් ආණ්ඩුවට කිසි අභියෝගයක් නැත.ආණ්ඩුව හිතන්නේ නාමල්, දිලිත් දෙදෙනාගෙන්ම වුව ආණ්ඩුවට අභියෝගයක් මතු කිරීම අසීරු බවකි. මෙවර තමන්ගේම පාක්ෂිකයෙකු පාර්ලිමේන්තුව නියෝජනයට පත් කර ගන්නටවත් එජාපය අසමත්ව සිටියත් රනිල් යනු සුලු කොට තැකිය යුතු “ගිනි පුපුරක්” බව ආණ්ඩුව මැනවින් දනී.ඒ නිසා රනිල් මග හැරි බටලන්ද වාර්තාව සමාජ ගත කර “රනිලාදමනය” ‘කර ගැනීම කෝකටත් බවට ආණ්ඩුව කල්පනා කරන්නට ඇත.ඒ සමගම රනිල්ගේ ප්‍රතිපත්තියම අනුගමනය කරමින් රට කරන්නේය යනුවෙන් ආණ්ඩුවට එරෙහිව කණු කුණු ගානා අයට ද රනිල්ට බටලන්දෙන් බැට දීම හොඳ පිළිතුරක් වනු ඇතැයි ආණ්ඩුව සිතූ බව ද නිසැකය.
මෙසේ ක්‍රමයෙන් එක් මාතෘකාවක් අවසන් වන විට තවත් මාතෘකාවක් සපයමින් සිය සහායකයන් හා හිතවතුන් ප්‍රබෝධමත් කරමින් යද්දී අල් ජසීරා නාලිකාව අලුත් ම මාතෘකාවක් එළියට ඇද දුන්නේය.ඒ බටලන්දය.බටලන්ද මාතෘකාවක් ලෙස ආණ්ඩුව විසින් තෝරාගනු ලැබුවේ අල් ජසීරා සාකච්ඡාවේ දී ඊට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ දැක්වූ ප්‍රතිචාරය නිරීක්ෂණය කරමිනි.ඇත්ත වශයෙන්ම බටලන්ද ප්‍රශ්නයට අල් ජසීරාවේ දී රනිල් කෙලින් පිළිතුරක් ලබාදුන්නේ නම් බටලන්ද ගැන කිසිදු කතා බහක් සමාජයේ ඇතිවන්නේ නැත.බටලන්ද කොමිසමේ වාර්ථාවේ නිර්දේශ ඉදිරිපත් කර වසර තිහකට ආසන්න වුව ද ඊට පසු තම විරුද්ධවාදීන්ගේ ආණ්ඩු කීපයක්ම බලයට පත්ව තිබියදීත් ඒ නිර්දේශ ක්‍රියාත්මක කිරීම නොකළේ මන්දැයි සොයා බලන ලෙසට පිළිතුරක් එම සාකච්ඡාව මෙහෙය වූ මේදි හසන්ට දුන්නා නම් අල්ජසීරාවට ඊට වඩා රනිල් ගෙන් ඒ ගැන අහන්න දෙයක් ඉතුරු වන්නේ නැත .නමුත් රනිල් බටලන්ද ප්‍රශ්නය මග හරින ස්වභාවයේ උත්තරයක් දුන් බැවින් ආණ්ඩුව හිතුවේ රනිල් දමනයට හොඳම මාතෘකාව වනු ඇත්තේ බටලන්ද කියා ය.ඒ නිසා කඩිමුඩියේ බටලන්ද පාර්ලිමේන්තුවේ සභා ගත කළේ රනිල්ව බිත්තියට හේත්තු කරන්නට ය.ආණ්ඩුවට රනිල් නිදහසේ එළියේ දේශපාලනයේ ඉන්න එක ලොකු ප්‍රශ්නයක් වී තිබුණි.ආණ්ඩුවට එරෙහි විපක්ෂයේ ලොකුම බලය සජිත්ට තිබුණාට සජිත්ගෙන් ආණ්ඩුවට කිසි අභියෝගයක් නැත.ආණ්ඩුව හිතන්නේ නාමල්, දිලිත් දෙදෙනාගෙන්ම වුව ආණ්ඩුවට අභියෝගයක් මතු කිරීම අසීරු බවකි. මෙවර තමන්ගේම පාක්ෂිකයෙකු පාර්ලිමේන්තුව නියෝජනයට පත් කර ගන්නටවත් එජාපය අසමත්ව සිටියත් රනිල් යනු සුලු කොට තැකිය යුතු “ගිනි පුපුරක්” බව ආණ්ඩුව මැනවින් දනී.ඒ නිසා රනිල් මග හැරි බටලන්ද වාර්තාව සමාජ ගත කර “රනිලාදමනය” ‘කර ගැනීම කෝකටත් බවට ආණ්ඩුව කල්පනා කරන්නට ඇත.ඒ සමගම රනිල්ගේ ප්‍රතිපත්තියම අනුගමනය කරමින් රට කරන්නේය යනුවෙන් ආණ්ඩුවට එරෙහිව කණු කුණු ගානා අයට ද රනිල්ට බටලන්දෙන් බැට දීම හොඳ පිළිතුරක් වනු ඇතැයි ආණ්ඩුව සිතූ බව ද නිසැකය.
නමුත් බටලන්ද ගැන දැන් කතා කරන;තර්ක ඉදිරිපත් කරන බොහෝ දෙනා බටලන්ද කොමිසමේ නිර්දේශ කියවා නැති බව නම් පැහැදිලි ය. ඒනිර්දේශ කියවා ඇති පිරිසක් ඇත්නම් ඔවුන්ගෙන්ද වැඩි දෙනෙකුට ඒ නිර්දේශ තේරුම්ගැනීමට නොහැකිවී ඇත.ඒ නිසා බටලන්ද කොමිසමේ නිර්දේශ පිළිබඳව යම් විමසීමක් කිරීම අතිශයින්ම කාලෝචිත ය.
බටලන්ද කොමිසමේ කාර්‍ය භාරය ලෙස එහි අධිකාරි පත්‍රයෙන් පවරා තිබූ කරුණු පහක් තිබේ..
අ)1990පෙබරවාරි 20 දින හෝ ඒආසන්න දිනක උප පොලිස් පරීක්ෂක රෝහිත ප්‍රියදර්ශන අතුරුදහන් වීමට අදාල අවස්ථාගත කරුණු හා ඒ අතුරුදහන් වීමට වග කිවයුතු පුද්ගලයන්
ආ)1990පෙබරවාරි 24 හි ඒ ආසන්නයේ දී උප පොලිස් පරීක්ෂක අජිත් ජයසිංහ අත් අඩංගුවට ගැනීම හා පසුව රඳවා තබා ගැනීමට අවස්‍ථානුගත කරුණු හා ඊට වගකිවයුතු පුද්ගලයන්
ඇ)රාජ්‍ය පොහොර නිෂ්පාදන සංස්ථාවේ බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ යම් රඳවා ගැනීම් ස්ථාන1988ජනවාරි 01,සිට1990දෙසැම්බර් 31දක්වා පවත්වාගෙන යාම එසේ රඳවා සිටි පුද්ගලයන්ට වධ දීම් කරනු ලැබුවේද සහ එකී නීතිවිරෝධී ක්‍රියාවන්ට වගකිවයුතු පුද්ගලයන්
ඈ)ඉහත සිද්ධීන් ගැන යම් පරීක්ෂණයක් පැවැත්තුවේද යන වග හා යම් තැනැත්තන් හා පුද්ගලයන් ඒ පරීක්ෂණයට මැදිහත් වූයේද යන වග
ඉ)යම් නීතියක් යටතේ යම් සාපරාධී වැරදි කිරීම් සම්බන්ධයෙන් බලතල අයුතු බලපෑම් කිරීම හෝ වැරදි ලෙස හෝ අයථා ලෙස පාවිච්චි කිරීම සම්බන්ධයෙන් යම් නිලධාරියෙකු හෝ යම් තැනැත්තෙකු වගකිව යුතුද? යන්න යන කරුණු පරීක්ෂා කිරීම බටලන්ද කොමිසමේ කාර්‍ය භාරය විය.
කොමිසමේ විමර්ශන කටයුතුවලින් පසු වාතාතවේ සඳහන් කර ඇති තීරණ යටතේ රනිල් වික්‍රමසිංහ වග කිවයුතු යැයි සදහන් වන්නේ ඉහත (ඇ)හි සඳහන් කරුණ වශයෙන් සඳහන්වන පරිදි රාජ්‍ය පොහොර නිෂ්පාදන සමාගමේ අදාල බලධාරීන් වෙත ඔවුන් භාරයේ පැවති බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ ඇතැම් නිවාස කැලණිය පොලිස් කොට්ඨාශයේ පොලිස් නිලධාරීන්ට භාර දෙන ලෙස නියම කිරීමත් රනිල් වික්‍රමසිංහ කර්මාන්ත අමාත්‍යවරයාට වෙන්කර දී තිබුණු බටලන්ද නිවාසයක හා සංචාරක බංගලාවක කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කැලණිය ජ්‍යේෂ්ට පොලිස් අධිකාරි හා සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු කැඳවා රැස්වීම් පැවැත්වීම යන කරුණු දෙක පිළිබඳව පමණි.බටලන්ද ගැන රනිල් වික්‍රමසිංහ මෑතක දී කළ ප්‍රකාශයේ මින් පලමු කරුණ සඳහන් කර දෙවැනි කරුණට ද පිළිතුරක් ලැබෙන අන්දමේ කරුනු දැක්වීමක් කරන ලදී.ඔහු පැවසුවේ බියගම ආසනය තුළ පිහිටා තිබුණුආර්ථික වශයෙන් වැදගත් ස්ථාන වල ආරක්ෂාව පිළිබඳ සොයා බැලීම ජනාධිපතිවරයා විසින් කැබිනට් අමාත්‍යවරයෙකු වන තමාට පවරා තිබුණු බවයි.
මේ තත්වය මත විනිශ්චයකාර ඩී. ජයවික්‍රම (කොමිෂන් සභාවේ සභාපති) එන්. ඊ. දිසානායක (කොමසාරිස්) යන අයගේ අත්සන් සහිතව බටලන්ද කොමිසම විසින් ලබාදී ඇති නිර්දේශ විස්තරාත්මකව පහත දැක්වේ.
“මුලින් වූ පරිච්ඡේදවල විස්තරාත්මකව පැහැදිලි කරන ලද පරිදි, නීති විරෝධීව රඳවා ගැනීමේ ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යාමට තුඩු දුන් එක් ප්‍රධාන හේතුවක් නම් එවකට පැවැති රජයේ දේශපාලනඥයන් සහ පොලීසිය 1987 සිට 1990 දක්වා පැවැති කැරැල්ලට ප්‍රතිචාරයක් වශයෙන් හැසිරුණු ආකාරයයි. කලින් සඳහන් කරන ලද පරිදි ප්‍රකෝප කරනු ලැබූ ප්‍රමාණය කොපමණ වුවත් වග කිව යුතු රජයක් හා එහි සංවිධාන කැරැල්ලක් පැවති කාල සීමාවක පවා එම ප්‍රකෝප කිරීමට එරෙහිව ප්‍රති ක්‍රියා දැක්වීම සිදුවිය යුතු ආකාරය පාලනය කරන යම් යම් ව්‍යවස්ථා තිබිය යුතු ය. සිදු කෙරෙන සියළුම ක්‍රියා නීතියේ ආධිපත්‍යයට අනුකූල විය යුතු ය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති සියළුම පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු ය.
මෙම කාරණා සවිස්තරාත්මකව සාකච්ඡා කොට රටේ සාමයට හා මහජන විනයට බරපතල තර්ජනයක් එල්ල වී තිබෙන අති විශේෂ තත්වයක් පවතින කාලසීමාවන්හි දී දේශපාලනඥයන්ගේ හා නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන්ගේ පැවැත්මට අදාළ වන ගුරුපදේශ මාලාවක් යෝජනා කිරීම සඳහා අතිගරු ඔබතුමිය (පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැනි) මහජන නියෝජිතයන්ට කාරුණිකව ආරාධනා කරනු යෙහෙකැයි අපි නිර්දේශ කරමු. අවශ්‍ය වෙතොත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඇතුළු වත්මන් නීතිරීති වලට සුදුසු සංශෝධන ගෙන ඊම සළකා බැලිය යුතු ය. මෙම ක්‍රියාදාමයේ දී මහජනතාවට හා සියළු සමාජ කණ්ඩායම්වලට සිය අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් දීම නිර්දේශ කරමු.
මහජන නියෝජිතයන් තමන් සඳහාම “ආචාර රීති පද්ධතියක්” සකස් කොට ගෙන සම්මත කර ගැනීම උචිත වනු ඇත. යම් මහජන නියෝජිතයෙක් (පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හෝ පළාත් සභා මන්ත්‍රීවරයෙකු බඳු) පෙර කී ආචාර රීති පද්ධතිය උල්ලංඝණය කිරීමේ වරදට අසුවුව හොත් අදාළ මණ්ඩලයේ අනිකුත් සාමාජිකයන්ට වරදට හසුව සිටින සාමාජිකයාට විරුද්ධව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමේ අයිතිය හිමි විය යුතු යයි නිර්දේශ කරනු ලැබේ.එසේ දෝෂාරෝපණයට ලක්කරනු ලැබීමෙන් පසු අදාළ සාමාජිකයා යම් නියමිත කාලසීමාවකට මහජන නියෝජිතයෙකු වීම අහෝසි විය යුතු ය.
මුලින් වූ පරිච්ඡේදවල ප්‍රකාශ කරන ලද පරිදි, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් විසින් මෙන්ම එවකට පැවැති රජයේ දේශපාලනඥයකු විසිනුත් මානව අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝණය කරනු ලැබූ ආකාරය අප විසින් නිරීක්ෂණය කොට ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයට පවරා තිබෙන අධිකරණ බලයත්, එම අධිකරණය විසින් එම අධිකරණ බලය උචිත ලෙස ක්‍රියාත්මක කිරීමත් නොතකාම පෙරකී අයිතිවාසිකම්, දඬුවම් විඳීමට සිදුවන බියක් නොමැතිවම පිට පිට උල්ලංඝණය කර තිබෙන බව අපට පෙනී යයි. විධායකය නියෝජනය කරන යම් යම් පුද්ගලයින් විසින් මූලික මිනිස් අයිතිවාසිකම් දිගින් දිගටම උල්ලංඝණය කරනු ලැබීමට එක් හේතුවක් නම් ඔවුන්ගේ හැසිරීම අප්‍රමාදව ක්‍රියාත්මක වන හා උචිත දඬුවම්වල තරවටුවට ලක් නොවීම ය.පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් පිට පිටම උල්ලංඝණය කර ඇතැයි හඳුනාගනු ලබන පුද්ගලයන්ගේ “ප්‍රජා අයිතිවාසිකම් අහිමි කිරීමේ” ස්වරූපයෙන් වූ සුදුසු දඬුවම් එම පුද්ගලයන්ට පැමිණවීමට අවශ්‍ය අතිරේක අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරීම අපි නිර්දේශ කරමු.
බටලන්දේ නීති විරෝධීව පුද්ගලයන් රඳවා ගැනීමේ ස්ථාන හා වධකාගාර පිහිටුවා පැවැත්වීම ගැන සෘජුවම හෝ අනියමින් දැනගන්නට යෙදුණු යම් යම් පුද්ගලයන් ඒ ගැන පොලීසියට පැමිණිලි කිරීමෙන් වැළකී සිටියේ තමන්ට හිරිහැර කරනු ලැබීමේ හා තම ජීවිත අනතුරට පත්වීමේ බිය නිසා බව මෙම පරීක්ෂණය කරන අතරතුරේදී අපගේ නිරීක්ෂණයට ලක් විය. තවත් හේතුවක් නම් මෙම ක්‍රියාවලට වගකිව යුතු අය පොලිස් නිලධාරීන්ම වූ නිසා මෙම තත්ත්වය වැළැක්වීමට ක්‍රියා නොකරනු ඇතැයි විශ්වාස කිරීමට ඔවුන්ට හේතු තිබීම ය. එම හේතුව නිසාම සාධාරණ හා අපක්ෂපාතී විමශෂණයක් ඔවුන් බලාපොරොත්තු වූයේ නැත.
මෙබඳු අවස්ථාවලදී අධිකරණ නිලධාරීන්ට (මහේස්ත්‍රාත්වරුන් බඳු) විමර්ශණයන් කිරීමට කරුණු සලස්වා ඒවා අධීක්ෂණය කර ඒ සම්බන්ධයෙන් අපරාධ නීති කෘත්‍යය සිදුකිරීම සළකා බැලීම සඳහා තම විමර්ශණනාත්මක තීරණ ඇටෝර්නි ජනරාල්වරයා වෙත ඉදිරිපත් කිරීමට බලය පැවරීම සුදුසු බව අපගේ මතයයි. අදාළ අධිකරණ අධිකාරීන්ට, නීති විරෝධී කටයුතු ක්‍රියා සිදුවේ යැයි සැක කරනු ලබන ස්ථානයට ගොස් ඒවා පරීක්ෂා කිරීමට බලය පැවරීම, අනිකුත් විමර්ශක බලතල අතර විය යුතුය. මේ සම්බන්ධයෙන් අතිගරු ඔබතුමිය, මෙහි අන්තර්ගත නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සඳහා අපරාධ නඩු සංවිධාන සංග්‍රහ පනතට සුදුසු සංශෝධන සකස් කිරීම සළකා බැලීම සඳහා කාරුණිකව කමිටුවක් පිහිටුවීම නිර්දේශ කරමු.
විවිධ පොලිස් නිලධාරීන්, පුද්ගලයින් පැහැරගෙන යෑම, ඝාතනය කිරීම, අයුක්ති සහගත ලෙස සිරකොට ගෙන සිටීම, පුද්ගලයන්ට බරපතල තුවාල හා සුළු තුවාල සිදුකිරීම ඇතුළු බරපතල වැරදි සිදුකර ඇති බව මෙම කොමිෂන් සභාවේ පරීක්ෂණ කටයුතු සිදුකරන අතරතුර හෙළිදරව් විය. අදාළ සැකකරුවන්ට විරුද්ධව උචිත අධිකරණයන්හි අපරාධ නීති කෘත්‍යය සිදුකරනු ලැබීමට සැළැස්වීම අරමුණු කොට මෙම කොමිෂන් සභාවට ඉදිරිපත් කරනු ලැබූ සියළුම පැමිණිලි සම්බන්ධයෙන් පූර්ණ විමර්ශණයන් සිදුකිරීමට සළස්වන ලෙසට පොලිස්පතිවරයාට අතිගරු ඔබතුමිය නියෝග කිරීම නිර්දේශ කරමු. මේ සම්බන්ධයෙන් මෙම කොමිෂන් සභාවේ වාර්තාව, එහි පරීක්ෂණ කටයුතු පිළිබඳ වාර්තා, මෙම කොමිෂන් සභාවට අනුයුක්ත පොලිස් නිලධාරීන් විසින් සිදුකරන ලද විමර්ශණයන්ට අදාළ සටහන් සහ වෙනත් කරුණු ද සමඟ අතිගරු ඔබ තුමිය පොලිස්පතිවරයාට ඉදිරිපත් කරතොත් යෙහෙකි.
පොලිස් නිලධාරීන්ගේ බරපතල විනය පිළිබඳ දෝෂ සහ ඔවුන් විසින් පොලිස් දෙපාර්තමේන්තු ව්‍යවස්ථා බරපතල ලෙස උල්ලංඝණය කර ඇති අවස්ථා මීට කලින් එන පරිච්ඡේදයෙහි අපි ලැයිස්තුගත කර ඇත්තෙමු. අතිගරු ඔබතුමිය මෙම කොමිෂන් සභාවේ වාර්තාව එහි පරීක්ෂණ කටයුතු වාර්තා ද සමග අදාළ විනය අධිකාරියට සහ පොලිස්පතිවරයාට, අදාළ පොලිස් නිලධාරීන්ට විරුද්ධව අවශ්‍ය විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීම සළකා බැලීම සඳහා කාරුණිකව ඉදිරිපත් කිරීම නිර්දේශ කරමු.
(උපුටා දැක්වීම අවසන් )
2022 වර්ෂයේ අරගලය නමින් රටේ ඇතිවූ කැරලිකාර තත්වයට මුහුණදීමේ දී නම් පොලිස් හා හමුදා නිලධාරීන් අරගල කරුවන්ගේ මූලික අයිතිවාසිකම් මැනවින් ආරක්ෂා කර දුන් බව අතිශයින් පැහැදිලි ය.ඒ කුරිරු ඒකාධිපති පාලකයකු වනු ඇති බවට බොහෝ දෙනකු පුරෝකථනය කළ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ඔහු ගේ සේනාධිනායකත්වයෙනි.ඔවුන් කොතරම් දුරට ඒ අයිතිවාසිකම් ආරක්ෂා කළේ ද කියනවා නම් රට පුරා දේශපාලනඥයන්ගේ ගෙවල් දොරවල් කාර්යාල ව්‍යාපාර ස්ථාන හා වාහන ආදිය ගිනිබත් කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා ආරක්ෂක නිලධාරියෙකු මහමග ඝාතනය කර තවත් මහජන නියෝජිතයෙකුට මාරන්තික ප්‍රහාර ඒල්ල කරද්දීත් කැරලි කරුවන්ගේ මූලික අයිතිවාසිකම්වලට කිසිදු හානියක් වුණේ නැත.
ඉහත දක්වා ඇති නිර්දේශවලට අනුව නම් බටලන්ද කොමිසම රනිල් වික්‍රමසිංහට හෝ වෙනත් කිසිදු දේශපාලඥයෙකුට එරෙහිව කවර හෝ ක්‍රියා මාර්ගයක් ගැනීමට නිර්දේශයක් දී නැත.කොමිසම නිර්දේශ කර ඇත්තේ මතු කැරලිකාර තත්වයක දී රජය විසින් ඊට මුහුණ දීමේදී පිළිපැදිය යුතු මාර්ගෝපදේශ මහජන අදහස් ලබාගෙන සකස් කරන ලෙසට,රාජ්‍ය නිලධාරීන් හා විධායක බලය ක්‍රියත්මක කරන්නවුන් විසින් අඛණ්ඩව මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝන්‍ය කිරීම් පාලනය සඳහා එබඳු වැරදි වලට දඬුවම් දීමේ අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දීම,නීතිවිරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර වැනි තත්වයන්ට එරෙහිව අපරාධ නීතිප්‍රකාරව විමර්ශණය කර අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපති වරයාට වාර්තා කිරීමේ බලය අධිකරණ නිලධාරීන්ට පැවරීම,කොමිසමට නීති විරෝධී ක්‍රියා ගැන ලැබුණු පැමිණිලි පිළිබඳව පොලිස්පතිවරයා මගින් පූර්ණ විමර්ශනයක් පැවැත්වීම,කොමිසම් විසින් හඳුනා ගත් පොලිස් නිලධාරීන්ගේ දෙපාර්තමේන්තු ව්‍යවස්ථා උල්ලංඝණය කිරීම් හා විනය විරෝධීක්‍රියාවලට එරෙහි විනය ක්‍රියාමාර්ග ගැනීම යන නිර්දේශයන් ය.මේ නිර්දේශයන් එකක්වත් ක්‍රියාත්මක කර නැතත් 2022 වර්ෂයේ අරගලය නමින් රටේ ඇතිවූ කැරලිකාර තත්වයට මුහුණදීමේ දී නම් පොලිස් හා හමුදා නිලධාරීන් අරගල කරුවන්ගේ මූලික අයිතිවාසිකම් මැනවින් ආරක්ෂා කර දුන් බව අතිශයින් පැහැදිලි ය.ඒ කුරිරු ඒකාධිපති පාලකයකු වනු ඇති බවට බොහෝ දෙනකු පුරෝකථනය කළ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ඔහු ගේ සේනාධිනායකත්වයෙනි.ඔවුන් කොතරම් දුරට ඒ අයිතිවාසිකම් ආරක්ෂා කළේ ද කියනවා නම් රට පුරා දේශපාලනඥයන්ගේ ගෙවල් දොරවල් කාර්යාල ව්‍යාපාර ස්ථාන හා වාහන ආදිය ගිනිබත් කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා ආරක්ෂක නිලධාරියෙකු මහමග ඝාතනය කර තවත් මහජන නියෝජිතයෙකුට මාරන්තික ප්‍රහාර ඒල්ල කරද්දීත් කැරලි කරුවන්ගේ මූලික අයිතිවාසිකම්වලට කිසිදු හානියක් වුණේ නැත.
ඒ අනුව බටලන්ද කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකළාට ප්‍රායෝගිකව ඒවා රටේ ක්‍රියාත්මක වන බව නම් කිව හැකි ය.මේ නිර්දේශ දෙස බැලීමෙන් පෙනෙන්නේ මේ නිර්දේශ වලින් රනිල්ට එරෙහිව කළ හැකි දෙයක් නැති බව හා රනිල්ගේ ආණ්ඩුවකින් වුණත් ක්‍රියාත්මක කළ හැකි නිර්දේශ බටලන්ද කොමිසම ලබාදීඇති බවත් ය.ඒ නිසා ආණ්ඩුව මේ බටලන්ද මාතෘකාව ඇදගෙන යන්නේ ඊළඟ මාතෘකාව මතු වන තුරු පමණක් බව අපට ඉතා හුරු පුරුදු ගමේ ගොඩේ බාසාවෙන්ම කීවොත් “හූණා කියන්නාක් මෙන්” කිව හැකි ය.අපි එතෙක් තව ටික දොහක් බලා හිඳිමු.
සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති