රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාල සියලු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්න මහේස්ත්‍රාත් නියෝග

මිනිස් ඝාතනයකට මුල් වූ රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාල සියලු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය පොලිස්පතිවරයාට නියෝග කර ඇත.ඒ මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණ අද(27) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.19 වැනි දා රඹුක්කන පැවැති ජනතා උද්ඝෝෂණයකට පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් දෙදරු පියකු වූ චමින්ද ලක්ෂාන් මහතා මිය ගියේය.

කාලීන පුවත්