රසායනික පොහොර පළිබෝධ නාශක ගෙන්වන්න සමාගම් වලට අවසර

මෙරට කෘෂිකර්මය සඳහා අවශ්‍ය රසායනික පොහොර,පළිබෝධ සහ දිලීර නාශක ගෙන්වීමට රජ්ය සමාගම් වලට යළි බලය පවරා තිබේ.ඒ අනුව ඒවා ආයනයනය කිරීම තහනම් කරමින් පසුගිය අප්‍රියෙල් 24 වනදා නිකුත් කොට තිබූ ගැසට් පත්‍රය ද බලරහිත වනු ඇත.මේ සම්බන්ධ කැබිනට් තීරණය පිළිබඳ දැනුම් දුන් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අළුත්ගමගේ මහතා කියා සිටියේ රට කාබනික කෘෂිකර්මයට හැරවීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් තමන් වේළුපිල්ලේ ප්‍රභාකරන්ටත් වඩා ද්වේෂයට පත් වූ අතර එහි දී රජයේ ඇතැම් පාර්ශවයන් ද තමන්ට එරෙහිව නැඟී සිටි බවය. මෙලෙස ආනයනය කරන රසායනික පොහොර සහ පළිබෝධ නාශක සම්බන්ධ නියාමන වැඩ පිළිවෙලක් රජය සතුව තිබේ දැයි මෙහි දී මාධ්‍යවේදියකු නඟන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමති වරයා කියා සිටියේ තවමත එවැනි වැඩ පිළිවෙලක් සකසා නොමැති බව ය.

කාලීන පුවත්