රාජපක්ෂලා සොරකම් කර උගන්ඩාවට යැවූ බව කී ඩොලර් බිලියන දහ අට දැන් ගෙන්නා ගන්න

රාජපක්‍ෂලා විසින් සොරකම් කරන ලදුව උගන්ඩාවට යැවු බවට චෝදනා එල්ල කරන ලද ඩොලර් බිලියන දහ අට සම්බන්ධයෙන් දැන් විමර්ශනයක් කර අදාළ මුදල් ගෙන්වා ගැනීමට කටයුතු කරන්නැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ඉල්ලා සිටියි.ඔහු පවසනුයේ විපක්ෂයේ සිට චෝදනා එල්ල කළ කණ්ඩායම අද ආණ්ඩු බලයේ සිටින බවත් ඔවුන්ට මේ සම්බන්ධයෙන් සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමට මේ වන විට කිසිදු බාධාවක් දැන් නැති බවත්ය.නීතිය ක්‍රියාත්මක කරන සියලුම ආයතන අද අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා යටතේ ඇති බවත් පවසන කාරියවසම් මහතා තවදුරටත් මාධ්‍ය සංදර්ශනවලින් ඵලක් නැති බවත් අදාළ පුද්ගලයන් සම්බන්ධයෙන් පැමිණිලි කර ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

කාලීන පුවත්