රාජපක්ෂ පාලනයේ හොරකම් නිසා මටත් මාස තුනක් එංගලන්තයේ හැංගිලා ඉන්න වුණා

රාජපක්ෂ පාලන සමය තුළ සිදු වූ සොරකම් නිසා තමන්ට ද මාස තුනක් එංගලන්තයේ සැඟවී සිටීමට සිදු වූ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කීවාය.ඒ ඊයේ බත්තරමුල්ලේ පැවැති නව ලංකා පක්ෂයේ උත්සවයක් අමතමිනි.එහි දී අදහස් දැක්වූ හිටපු ජනාධිපති වරිය මෙසේ ද කීවාය.” කවදාවත් ලෝකයේ කිසිම රටක් මේ තරම් බංකොලොත් වෙලා නෑ.ලජ්ජාවෙ බෑ.,මම ලංකාවේ නායිකාව හැටියට හිටපු නායිකාව හැටියට ලෝකෙ හැම තැනම ගියේ කොයි තරම් ආඩම්බරෙන්ද?ඒත් මම පහුගිය මාස තුනේ එංගලන්තේ ලජ්ජාවට හැංගිලා හිටියා.කවුරුවත් හම්බු වුණේ නෑ.මොනවා කියන්නද?මේක වුණේ තනිකරම රාජපක්ෂ පාලනයේ හොරකම නිසා.රාජපක්ෂ වරු විතරක් නෙවෙයි.යාළුවෝ මිත්‍රයෝ ඔක්කොම කරපු හොරකම් නිසා”

කාලීන පුවත්