රාජපක්ෂ වරුන්ට පොදු ජන පෙරමුණට එරෙහි බොරු කට කතා වලට ගමටම ගිහින් උත්තර දෙනවා

රාජපක්ෂ වරුන් ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පිළිබඳ අසත්‍ය කට කතා පතුරුවමින් ග්‍රාමීය මට්ටමේ ජනතාව නොමඟ යවන්නවුන්ට ගම් මට්ටමින්ම පිළිතුරු සපයා දීම පිණිස ගම් මට්ටමේ ජන හමු තුන් දහසක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සියළු කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්ත්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.අප රටේ ග්‍රාමීය ජනතාව රට එක සේසත් කළ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි දැක් වූ ගෞරවාදරය තවමත් එලෙසම පවතින බව පවසන මන්තී වරයා එය නැති කිරීමට කිසිම කඩාකප්පල්කාරී බලවේගයකට නොහැකි බව මෙම ගම් මට්ටමේ ජන හමු වලින් කාටත් පසක් වනු ඇතැයි ද කියයි.

කාලීන පුවත්