රාජ්ය සම්මානලාභී ලේඛකයෙකු වන පියදාස වැලිකන්නගේ මහතා (25) පෙරවරුවේ මාතලේ මහ රෝහලේදී අභාවප්රාප්ත විය.තිදරු පියකු වන වැලිකන්නගේ මහතා අභාවප්රාප්ත වන විට 90 වැනි වියෙහි පසු විය.ඒ මහතාගේ මේ වන විට දේහය මාතලේ හුලංගමුව පෙදෙසේ පියදාස වැලිකන්නගේ මාවතේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (27) සවස මාතලේ ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිත ය.