ඉදිරි අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට රුපියල් 20,000 ක වැටුප් වැඩි වීමක් අවශ්‍ය බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ඊයේ( 25) කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක් වෙමින් ප්‍රකාශ කළේය.එමෙන්ම එහිදී සමස්ත ලංකා රාජ්‍ය කළමානාකර සහාකාර නිලධාරීන්ගේ සංගමයේ සභාපති උදේණි දිසානායක මහතා පැවසුවේ ජීවන වියදමට සරිලන වැටුප් වැඩි විමක් අවශ්‍ය බවකි.කෙසේ වෙතත්, වැටුප් වැඩි වීමක් සිදු නොවන්නේ නම් ඉදිරියේ දී සියලු වෘත්තිය සමිති එක්ව දැවැන්ත විරෝධතාවක් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති සංධානයේ සම කැඳවුම්කරු ඩී එම් පී අබේරත්න මහතා කීය.