රාජ්‍ය සේවක රුපියල් 10000 දීමනාවෙන් 5000 ක් මේ මාසයේ සිටම

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන් සඳහා ලබාදීමට පොරොන්දු වූ රුපියල්10000 දීමනාවෙන් අඩක් හෙවත් රුපියල් 5000ක් මේ මාසයේ සිටම ලබාදීමට කැබිනට් මණ්ඩලය ඊයේ (8)තීරණය කළේය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර අයවැයෙන් යෝජනා කළ අතර එම පඩි වැඩිවීමෙන් රුපියල් 5000 ක් ලබන අප්‍රේල් මාසයේ සිටද ඉතිරි රුපියල් 5000ක මුදල ඔක්තෝබර් මාසයේ සිටද ලබාදෙන බව අයවැයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.නමුදු වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ රාජ්‍ය සේවකයන්ට සහනයක් ලබා දීමේ අරමුණින් අයවැයෙන් වැඩි කෙරුණු මුදලින් රුපියල් පන්දහසක් ජනවාරියේ සිටද අප්‍රේල් මාසයේ සිට රුපියල් දස දහසක මුදලම ලබාදීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කොට තිබේ.

කාලීන පුවත්