2025 අයවැය මගින් රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය කිරීම සඳහා අප්‍රේල් මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධිත වැටුප් පරිමාණයට අනුව වැටුප් ගෙවීම සඳහා වන විධිවිධාන ඇතුළත් චක්‍රලේඛ සහ උපදෙස් නිකුත් කර ඇති බවත්, මේ සඳහා රජය රුපියල් බිලියන 110ක මුදලක් වෙන් කර ඇති බවත් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
මෙම වැටුප් සංශෝධනවලට අදාලව රාජ්‍ය ආයතන මේ වනවිට වැටුප් සංශෝධන සිදු කරමින් පවතින බව සඳහන්කළ අමාත්‍යවරයා එළඹෙන අප්‍රේල් මස 10 වැනි දින, සියලුම රාජ්‍ය සේවකයින්ට සංශෝධිත වැටුප ලබා දීමට කටයුතු කරන බවද අවධාරණය කර සිටියි.