රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා නම් වැට් එක සියයට 20ත් 21තෙක් ඉහළ දාන්න වෙයි

වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයින් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීම ලබාදීමට කටයුතු කළහොත් එම මුදල ලබා ගැනීම පිණිස දැනට පනවා තිබෙන සියයට 18ක්ව පවතින වැට් බද්ද සියයට 20ත් 21ත් අතර අගයකට ඉහළ නැංවීමට සිදුවනු ඇති බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි.රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (08) පැවති සාකච්ඡාවේදී ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.

කාලීන පුවත්