රාජ්‍ය සේවයේ දීමනා පිළිබඳ චක්‍රලේඛයක්

අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ ජීවන වියදම් දීමනාව සහ විශ්‍රාම වැටුප් දීමනාව ලබාදීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත ඊයේ (10) දිනයේ අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බව වාර්තා වේ.

2024 අයවැය යෝජනා අනුව ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි රජයේ නිලධාරින්ගේ ජීවන වියදම් දීමනාව වැඩි කළ යුතු ආකාරය එම චක්‍රලේඛයේ සඳහන්ය.

විශ්‍රාමිකයින් සදහා දැනට ගෙවනු ලබන මාසික ජීවින වියදම් දීමනාව රුපියල් 3,525 සිට රුපියල් 6,025 දක්වා වැඩි කිරීමට නියමිතයි.

කාලීන පුවත්