රාජ්‍ය නිලධාරීන් කාර්යාල වලට කැඳවීම සීමා කරන්න

වර්තමානයේ පවතින සම්පත් හිඟය හේතුවෙන් රාජ්‍ය වියදම් අවම කරගැනීම සදහා රාජ්‍ය නිලධාරීන් රාජකාරි සඳහා කාර්යාල වලට කැඳවීම සීමා කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් වරයා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.එදිනෙදා කාර්යාල කටයුතුවලට බාධා නොවන පරිදි අත්‍යවශ්‍ය කාර්යයන් සදහා පමණක් සේවයට කැඳවීමේදි ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි සිදු කරන ලෙස හා දුර බැහැර සිට සේවයට වාර්තා කරන නිලධාරින් ඔවුන් පදිංචිව සිටින ස්ථානයට ආසන්න සේවා ස්ථානයක තාවකාලිකව අනුයුක්ත කිරීමට අවශ්‍ය බලතල ආයතන ප්‍රධානින් වෙත පැවරීම සුදුසු බව ද එම ලිපිය මඟින් දන්වා තිබේ. මේ අතර විශාල වපසරියකින් යුත් සේවා ස්ථාන වෙනුවට සීමිත ඉඩ ප්‍රමාණයකින් යුතු සේවා ස්ථාන ස්ථාපනය කොට විදුලිය,ජලය,ඉන්ධන අවම කරගන්නා ලෙස ද එමඟින් දන්වා තිබේ.

කාලීන පුවත්