මේ වන විට රට තුළ උද්ගතව ඇති ඉන්ධන අර්බුදය ඇතුළු වෙනත් අර්බුදකාරී තත්වයන් හමුවේ අත්‍යවශ්‍ය සේවාවන් පමණක් පවත්වාගෙන යාමට සිදුවුවහොත් එය මුල් කොට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් කප්පාදු කෙරෙනු ඇති බවට රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවක පිරිස් අතරේ කතා බහක් පවතී.එහෙත් රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවක වැටුප් කප්පාදු කිරීමේ කිසිදු අපේක්ෂාවක් නැතැයි ඇමති මනුෂ නානායක්කාර මහතා පවසයි’ නමුත් අමාත්‍යංශවල අත්‍යවශ්‍ය නොවන කටයුතු සදහා වැය කරන මුදල් කපාහැරීමේ ප්‍රබල අවශ්‍යතාවක් පවතින බවත් රටේ දැන් පවතින වාතාවරණය මත දේශපාලනය පසෙකලා රටේ අභිවෘද්ධිය වෙනුවෙන් සියලු දෙනාම එකට එක්ව කටයුතු කළ යුතුව ඇතැයි ඇමතිවරයා කියයි.