රාජ්‍ය සේවකයන් රටට බරක් කියවුණේ වචන පැටළිලා

රාජ්‍ය සේවකයන් රටට බරක් බවට පසුගිය දා මාධ්‍ය හමුවකදී තමන් කළ ප්‍රකාශය තමන්ට සිදු වචන පටළැවීමක් බවත් රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කිරීමට තමන් ද කැමති බවත් මුදල අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියයි.

ඒ පාර්ලිමේන්තු අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැති අමාත්‍ය මණ්ඩල හමුවක දීය.” බලන්න, මට අර පහුගිය දවසක කියවුණානේ රාජ්‍ය සේවකයන් රටට බරක් කියලා.

ඇත්තටම ඒක මම එහෙම තේරුමක් ඇතුව කියපු එකක් නෙවෙයි. මට මේ පොඩි වචන පැටලීමක් තමයි වුණේ. ඉතින් කතා බහ කරනකොට මිනිස්සුන්ට වචන පැටලවෙන එක සාමන්‍ය දෙයක් නේ. මමත් කැමැතියි රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කරන්න.

ඒත් ඉතින් වැටුප් වැඩි කළොත් මේ තියන ප්‍රශ්න තවත් වැඩි වෙනවානේ ‘‘අමාත්‍ය වරයා සිනාමුසු මුහුණින් පවසා ඇත.එහෙත්,මෙම වචන පැටළීම පිළිබඳව ඔහු මින් පෙර ප්‍රසිද්ධියේ නොපැවසීම හා ඒ සම්බන්ධයෙන් චිත්ත පීඩාවට පත් රාජ්‍ය සේවකයන් වෙත තම කණගාටුව ප්‍රකාශ නොකිරීම ද ගැටලු සහගත බව පෙන්වා දෙන ජ්‍යෙෂ්ඨ අමාත්‍යාශ නිලධාරීයකු කියා සිටියේ අමාත්‍ය වරයාගේ මෙම වචන පටළැවීමේ හා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධ මුදල් ඇමති වරයා කළ ප්‍රකාශය අමාත්‍ය වරුන් හමුවේ රාජ්‍ය සේවකයන් මුල් කොට කළ උපහාසාත්මක සරදමක් ද විය හැකි බවය.

කාලීන පුවත්