රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමේ චක්‍ර ලේඛයේ ඇත්තේ මොනවාද?

රාජ්‍ය ආයතන වෙත සේවකයින් කැඳවීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය දැක්වෙන නව චක්‍රලේඛයක් රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය නිකුත් කර තිබේ. එහි සඳහන් අන්දමට අත්‍යවශ්‍ය සේවා බිඳ වැටිමකින් තොරව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන සේවක පිරිස් හඳුනාගෙන සේවයට කැඳවිය යුතුය. එලෙස සේවයට කැදවීමේ බලය අදාල අමාත්‍යංශ ලේකම්වරුන් දෙපාර්තමේන්තු ප්‍රධානින් ආයතන ප්‍රධානින් වෙත පැවරේ. නිල වාහන හිමි හෝ ප්‍රවාහන දීමනා ලබා ගන්නා සහ සංචිත වාහන මගින් ප්‍රවාහන පහසුකම් ලබාදෙනු ලබන මාණ්ඩලික නිලධාරින් සදහා පෙර කී විධිවිධාන අදාල නොවෙයි. ඔවුන් සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළ යුතු ය. මෙසේ සේවයට කැඳවන නිලධාරීන් හැර අනෙකුත් සියලු රාජ්‍ය නිලධාරින් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිය රාජකාරියෙහි නියැලීමට බැඳී සිටී. සේවයට කැදවනු ලබන නිලධාරින් සේවයට නොකැඳ වු දිනයන්හිදිී මාර්ගගත ක්‍රමය ඔස්සේ රාජකාරි කළ යුතු බව එම චක්‍රලේඛයේ දැක්වෙයි. ගර්භනී නිලධාරිනියන් කිරිදෙන මව්වරුන් සහ විශේෂ රෝගාබාධවලින් පෙලෙන නිලධාරින් සේවයට නොකැඳවිය යුතු ය. එවැනි නිලධාරීන් සේවයට කැඳවීම අත්‍යවශ්‍ය අවස්ථාවලදී පමණක් සිදුකළ යුතු අතර එවැනි අවස්ථාවන් හිදී සේවයට පැමිණිමට හා පිටවීමට විශේෂ කාලසීමාවක් ලබාදීම මෙන්ම විශේෂ පහසුකම් ලබාදිමත් කළ යුතු බව එහි දැක්වෙයි. නිලධාරින් සේවයට වාර්තා කිරීම සම්බන්ධයෙන් පැමිණිමේ හා පිටවීමේ ලේඛණයක් පමණක් නඩත්තු කිරීම ප්‍රමාණවත්ය. නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ආයතනික කාර්ය මණ්ඩලය මෙන්ම සේවාලාභීන් ද කොරෝනා ආසාදනයවීමෙන් වළක්වා ගනිමින් සේවා සැපයිමේ වගකීම ආයතන ප්‍රධානීන් වෙත පැවරේ. මෙම චක්‍රලේඛයේ අඩංගු වැඩිදුර තොරතුරු https://www.pubad.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

කාලීන පුවත්