ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් දිනය අදට (31) යෙදී තිබේ.ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් අනතුරුව එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර වැදගත්ම අවස්ථාවක් ලෙස සැලකෙයි.
රාමසාන් යනු ඉස්ලාමීය දින දර්ශනයේ නව වසර ඇරඹෙන මුහර්රම් මාසයට පසුව උදාවන දසවැනි මාසයයි.රාමසාන් මස නව සඳ දැකීමෙන් ඇරැඹෙන උපවාස සමය ෂව්වාල් මස උදාවත් සමඟ නිමාවට පත්වවෙයි.
පුරා මාසයක් දිනපතා හිරු නැගෙන්නට පෙර සිට හිරු බැස යනතුරු නිරාහාරව සිට ඉස්ලාම් බැතිමතුන් උපවාස සීලය රැකීමට කටයුතු කළ අතර මෙය ආත්ම දමනය කෙරෙන පුණ්‍ය කාලයක් මෙන්ම අනෙකාගේ බඩගින්න, දුක සහ අවශ්‍යතා තේරුම් ගන්නා කාලයක් ලෙසයි සැලකෙයි.
රාමසාන් මාසය තුළ උදාවන ලයිලතුල් කදිර් නම් රාත්‍රියේ ශුද්ධ වූ අල් කුර්ආනයේ වැකි පහළ වූ බවට ඉස්ලාම් බැතිමතුන් විශ්වාසයි.